" Chapter 7 "

436 54 8
                                    

" ගුඩ් මොර්නින් ලමයි..."

මන් නිකන් මගේ ගෙදර වගේ කෑහගෙනම උදේම ගියේ කුස්සියට... මෙහෙමයි උදේ කිව්වට ඉතින් දැන් දවල් දොලහත් පහු වෙලා....

ඔක්කොම මන් නැගිට්ට වෙලාව ගැන කතා කරාට මන් නිදාගත්තු වෙලාව ගැන බල්ලෙක් කතා කරවද නෑනේ නෑනේ...

" මෝර්නින්.. මෝර්නින්... මොනාද මේ උදේම නැගිට්ට බේබි කන්නේ බොන්නේ කිව්වනම්..."

නැන්දා මට කින්ඩියට හිනා වෙලා කිව්ව විදියට මගේ මූන තැලිච්ච කජු ලෙල්ලක් වගේ උනා මන් හිතන්නේ...

" තේ එකක් බොන්න තිබ්බනම් හොදයි ඒයි.. ඒත් කන්න දෙයක් තියෙද.."

" ම්ම් ඒක නිසා වෙන්නැති සර් උදේම කප්කේක් වගයක් ගෙනල්ලා තිබ්බේ... මන් තේ එකක් හදලා දෙන්නම් ඔයාට.. අර බොක්ස් එක ඇතුලේ කප්කේක් ටික දාලා ඇති.."

නැන්දා කෝච්චිය වගේ කියාගෙන ගිහිල්ලා අන්තිමට මට කප්කේක් දාපු පෙට්ටියක් පෙන්නුවා.. ම්ම් ඒවනම් මාර රස පාටයි...

මන් එකක් අරන් කාලා නැන්දා පැත්තට හැරුනේ ඕපයක් හොයා ගන්න.. 

" මේ නැන්දේ මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා මට හරියටම උත්තර දෙනවද.."

" අහන්නකෝ බලන්න ඉතින්... "

" කේෂ් අයියා මෙහේ ඉන්නේ කොයි කාලේ වගේ ඉදලද... ගොඩක් දවස් වලට මෙහේ ඉන්නවද.."

මන් තව කප් කේක් එකක් අතට ගත්තා..

" ම්ම් මේ ගෙදර හැදුවෙනම් බේබි... දැනට අවුරුදු දෙකකට විතර කලින්... එදා ඉදලා මෙහේ තමයි සර් ඉන්නේ.. ඒත් සතියට දවස් තුනක් විතර තමයි.. වැඩ වැඩි උනාම නිදහසේ ඉන්න ඕනේ උනාම වගේ තමයි සර් මෙහේ එන්නේ..."

මන් හරි කියන්න ඔලුව වැනුවා..

" එතකොට නැන්දේ විජේ අන්කල්ට වඩා අයියා ගොඩක් බාලයි නේද.."

" ඔව් බේබි... ලොකු සර් හම්බෙලා ගොඩ කාලෙකින් තමයි ⁣සර්ව හම්බුනේ.. ලොකු සර්,  සර්ව බලා ගත්තේ එයාගෙම දරුවෙක් වගේ... අදටත් පන ඇරලා.."

නැන්දා නිකන් සතුටකුත් එක්ක ආඩම්බරේකින් කිව්වේ එයාගේ ලමයෙක් හොද විදියට හැදිලා තියෙනවා වගේ. අර අම්මලා සතුටු වෙන්නේ..

නොනිමි සඳWhere stories live. Discover now