" Chapter 8 "

399 44 2
                                    

" මොකද මේ උදෙන්ම නැගිටලා අද.. "

මන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට යනකොට උගුඩුවා ඉන්නවා කෑම කකා.. යකෝ මූ කොහොමද මෙච්චර පිලිවෙල උනේ.. හරිම හෙමින් ලස්සනට කනවා.. මන් ඔතන හිටියනම් දැන් කාලාත් ඉවරයි..

" ඔයාට පේන්නේ නැද්ද අනේ මන් uniform එක අදන් ඉන්නවා.."

මන් නැන්දට රැව්වම එයා හිනා වෙලා ගිහින් තේකක් අරන් ආවා.. අනේ සුදු මන් ඉස්කෝලේ යනකොට උදේට කාලානේ යන්නේ..

" ඔයා තේ හදලද තිබ්බේ.. ඒත් මන් ඉස්කෝලේ යද්දි උදේට කනවා.."

" ආහ් කලින් කියන්න එපැයි බේබි. ඉන්න මන් කෑම බෙදාගෙන එන්නම්..."

නැන්දා හීයක වේගෙන් ගියාම මන් කේෂ් අයියට එහා පැත්තේ පුටුවේ වාඩි උනා.. මු නිකන් මගේ දිහා බැලුවේ දිලීරයක් ඇවිල්ලා උගේ ඇගේ ගෑවුනා වගේ.. මල සමයන්..

" අපි කවද්ද ගෙදර යන්නේ.."

" ඇයි උබට යන්න ඕනේ..."

" මෙහේ ඉන්න බැ.. අපි යන්. මන් අද ඉස්කෝලේ ඉවර වෙලා යනවා.."

" මට කියලා කන පලා ගන්නේ නැතුව ගෙදර වරෙන් අභි... පීටර් එයි එක්කන් යන්න."

යකෝ.. මන් මොකක්ද කරේ මේ මිනිහට මෙච්චර කෑගහන්න. කොච්චර සැරෙන් ඒක කිව්වද කිව්වොත් මාව පුටුවෙන් ටිකක් පිටිපස්සට උනත් එක්ක. සිරාවට මන් බය උනා... වැඩි කතා බහක් නැතත් නිවිලා හිටපු අයියට මේචචර ⁣තරහ යනවද..

මන් සේප් එකේ හොද ලමයා වගේ ඔලුව වනලා නැන්දා ගෙනල්ල දීපු කෑම එක කන්න ගත්තා.. අනේ නැන්දව දාලා මට යන්න උවමනාවක් තිබ්බේ නැ.. නිකන් මු⁣ගෙන් ඇහුවම කව්ද හිතුවේ ⁣මගේ ඇගට කඩාගෙන පනීවි කියලා.. රෙද්ද...

කාලා ඉවර වෙලා පොර පුටුවෙන් නැගිටලා මගේ දිහා බලාගෙන හිටියා..

" ඉක්මනට එනවා ඉස්කෝලේ ලගින් උබව දාගෙන යන්න... "

මට ආයිත් කෑහගලා මේ මිනිහා යන්න ගියා.. මාත් ඉතින් දඩබඩ ගාලා පිගානත් කුස්සියෙන් තියලා අත් දෙකත් සෝදන් වතුරත් බීලා බෑග් එකත් දාගෙන ඇවිත් පැසේන්ජර් සීට් එකෙන් වාඩි උනා.. ඒකටත් කෑගහවිද දන්නේ නැ..

නොනිමි සඳWhere stories live. Discover now