" Chapter 25 "

274 44 8
                                    

" අම්මේ !!!!.. අම්මගේ චූටි පුතා ගෙදර ආවෝ..."

" උදේම ඔය මිනිමිනිය හොල්ලන්නේ නැතුව ඇවිල්ලා කනවා ලමයෝ.."

" ඔයා මට දැන් ආදරේ නැ නේද අම්මේ.. කමක් නැ.. ඔක්කොගෙම වෙනස්කම්නේ.."

" ඔව් ඔව්.."

මන් මූනත් දෙහි ලෙල්ල වගේ කරන් අම්මා දිහා බලන් ඉද්දි ශාක්‍ය අයියා හිනා වෙලා ඇවිල්ලා මගේ අතින් අල්ලන් ගිහින් කෑම මේසෙන් වාඩි කරවලා ඔලුව අතගාලා අම්මා බෙදලා තිබ්බ බත් එකත් ලගට දීලා එයත් මට එහා පැත්තෙන් වාඩි උනා..

අන්න එතකොට මන් අම්මා දිහා බලලා නෝන්ඩි හිනාවක් පාකෙරුවේ අම්මා මට රවද්දි.. ආවා මෙතන මට වෙනස්කම් කරන්න. දන්නේ නැ මගේ හැටි.. අපිටත් සලකන්න මිනිස්සු ඉන්නවා.

" කේෂ්ට අද වැඩ නැද්ද.."

" නැ අක්කේ.. දවස් දෙකක් නිවාඩු දැම්මා.. ඊයේත් වැඩ කරලම ආවේ ඒකයි.."

" දැන් උබලා දෙන්නා ගෙදරක් අස්සට වෙලා මොකක්ද කරන්නේ.."

" කැහ් කැහ්.."

මෙච්චර වෙලා වැඩිහිටි කතාවට හොට දාගෙන ඉදපු මට කකා ඉදපු එකත් හිර උනේ විජේ අන්කල් අහපු ප්‍රශ්නෙට. මන් විජේ අන්කල් දිහා what the fuck look එකෙන් බලන් ඉදලා ශාක්‍ය අයියා දිහා බලද්දියි දැක්කේ අපි දෙන්නම අන්කල් දිහා බලන් ඉදලා තියෙන්නේ එකම ලුක් එකකින් කියලා.. නැකි වෙනකොට මොලේ අව්ල් වෙනවද කොහෙද..

" මන් ඇහුවේ මේ ලමයවත් එහේ තියාගෙන උබ මොකද කරන්නේ.. මේ ඉන්නේ උ⁣⁣බේ දේපලක් නෙවෙයිනේ.."

" මගේ දේපලක් කර ගන්නද.."

" පිස්සුද කේෂ්.. උබට ඒ ගමන මොකක්ද වැහු⁣නු පිස්සුව..."

" මට හැදුනු පිස්සුවක් නැ..."

" හරි හරි ලමයි.. දැන් ඕක නවත්තන්න.. විජේ පාඩුවේ ඉන්නකෝ අප්පා මේ දෙන්නව අව්ස්සන්නේ නැතුව.."

මන් පාඩුවේ කන ගමන් හිටියේ.. ඕවට ඇගිලි ගහන්න ගිහිල්ලා මට අගිල්ලක් නැති වෙන එක අන්තිමට වෙන්නේ.. වැඩැහිටි පාර්ශවේ එක පැත්තකට උනොත් බාල පරපුර නියෝජනය කරපු මට වෙන්නේ කටයි පපුයි වහන් පැත්තකට වෙන්න.

නොනිමි සඳWhere stories live. Discover now