" Chapter 5 "

457 60 1
                                    

මන් හිටියේ අද grade test එකට යන්න ලෑස්ති වෙන ගමන්. තාම A/L class වල first year එක නිසා ⁣එහෙම ලොකු pleasure එකක් තිබ්බේ නැ මට. ඒ නිසාම අම්මත් මුකුත් කිව්වේ නැ මන් මේ එහෙ මෙහේ යන එකට.

කළු පාට බොඩම් එකක් ඇදලා කළු පාටම ටී එකක් දාගත්තු මම කොන්ඩෙත් පීරගෙන පල්ලෙහාට ආවේ උදේම මොනව හරි කාලා යන්න. මොකද දැන් කන දෙයක් තමයි ආයි කන්න වෙන්නේ හවස් වෙලා.

මන් යනකොටත් කට්ටියම ඉන්නවා පිලිම ටික වගේ කෑම මේසේ වාඩි වෙලා. වැරදිලාවත් මන් එනකන් නෙවෙයි වෙන්න කියලා හිත හිතම මන් හෙමි හෙමින් කෑම මේසේ ලගට ගියා.

" එන්න පුතා. අද මන් ඔයා ආසම විදියට පරිප්පු තෙල් දාලා හාල්මැස්සෝ සම්බල් හැදුවා පපඩම් එක්ක. "

අම්මා යනකොටම මගේ අතින් අල්ලන් වාඩි කරවලා ඔන්න ඔය ටික තමයි කිව්වේ. මදැයි ඉතින් මගේ නම්බුව කුට්ටි පිටින් හේදිලා යනවා. මන් අම්මට ස්මයිල් ඉන් පෙයින් හිනාවක් දාලා අම්මම බෙදලා දුන්නු බත් එක කන්න ගත්තා...

" පුතා අද එද්දි හවස් වෙයිද."

" ඔව් ⁣විජේ අන්කල්. සමහරවිට රෑ වෙන්නත් ඉඩ තියෙනවා. Test එකෙන් පස්සේ අස්පස් කරන්නත් එපැයි එතන. "

" අපි අද මෙහේ නැ පුතා. මායි ඔයාගේ අම්මයි යනවා කොලඹ. එන්න දවස් දෙකක් විතර යාවි. ගෙදර කව්රුත් නැ එතකොට..."

මට පටස් ගාලා බැලුනේ අර ගිනි කුකුළගේ පැත්ත. එතකොට මේ මිනිහත් නැද්ද. යකෝ මේ පතරන්ග ගෙදර තනියෙන්නම් ඉන්න බැ මට.

" එතකොට මේ යකත් නැද්ද."

මන් අරූට ඇගිල්ල දික් කරලම ඇහුවා. යකෝ මෙන්න මු මට රවනවා. පුහ් අද තමයි යන්නත් මූනවත් බැලුවේ. ඒ උනාට රවාගෙන එන්න එපා උබ දනී මන් කරනදේ එතකොට...

" ඔව් පුතා. එයාටත් අද එයාගේ ගෙදර යන්න වෙනවා. ඒ නිසා මන් තීරනේ කරා ඔයාවත් එයා එක්ක යවන්න. "

මාව ආයිත් confused වෙලා යද්දි. මන් ආයිත් උ දිහා බැලුවා. මට පෙන්නේ ඒක ගැන මූ දන්නවා. උට අව්ලක් නැත්තන් මට මොකෝ. මට කොහොමක් මේ ගෙදර තනියෙන් ඉන්න බැ.

" ඔයාගේ වැඩේ ඉවර වෙලා එහෙම්ම යන්න එහෙනම් කේෂ්ගේ ගෙදර. මන් location දාන්නම්. මෙහේ ඉදලා මහාලොකු දුරක් නැ. ඒත් ස්ටේඩියම් එකේ ඉදන් නම් දුරයි හැබැයි."

නොනිමි සඳWhere stories live. Discover now