" Chapter 26 "

290 43 10
                                    

" මට දැන් පැහැදිලි කරන්න මොකක්ද මේ වෙන්නේ කියලා.."

මන් ටිකක් සද්දෙන් කෑගැහුවා.. ඇයි වදේ පික්නික් එකක් යනවා කියලා මාවත් කුදලන් ඇවිල්ලා නැවතුනේ විලා එකක. මොන රෙද්දක්ද මේ.. මට ඔක්කොටම වඩා තරහා ගියේ ශාක්‍ය අයියත් මේ ගැන දැනගෙන ⁣මට නොකියා හිටපු එකට.

" ගිරිය කඩා ගන්නේ නැතුව ඉන්නවා ලමයෝ. අපි දවස් දෙකක් විතර මෙහේ ඉදලා යමු.. family trip එකක් ආවේ."

" අහ් මට කියන්න තිබ්බනේ ඉතින්.."

" කියන්නම ඕනේ කියලා එකක් නැනේ.. පික්නික් එකක් යන්නම ඕනෙනම් අන්න අර වත්ත පල්ලෙහාට යන් රෙද්දකුයි කෑම ටිකකුයි අරන්. "

මන් කට ඉරක් කරන් අම්මා දිහා බලාගෙන හිටියා.. ⁣මෙතන යම්කිසි සිදුවීමක් වෙලා තියෙනවා. එක්කෝ මන් අම්මගේ ලමයා නෙවෙයි නැත්තන් අම්මගේ ඔලුව වැදිලා පොඩි කාලේ කොහේ හරි..

උදේම ආවත් පරිසර සුන්දරත්වය විදලා , පෙම් බස් දොඩවලා , කාලා බීලා මන් වලියට එන්ටර් වෙද්දි හවස් වෙලා තිබ්බේ.. ඒ කියන්නේ දැන් හවස.. මන් අම්මත් එක්ක බැන ගන්න අතරේ අයියා මලෝ දෙන්නා පැත්තකට වෙලා තේ බොනවා..

" මන් යනවා යන්න. "

මන් එහෙම කියාගෙනම මගේ කාමරේට ආවා. ආ ඔව් ඔව් මන් වලියට බහින්න කලින් කාමරේ එහෙම ලෑස්ති කරන් හිටියේ. ආයි ඉතින් රන්ඩු උනා කියලා නැ මට දුම්මල ගහලවත් මේ කාමරේන් එලියට දාන්න බැනේ එතකොට.. අවදානමට පෙර සූදානම කිව්වලුනේ..

කාමරේට ඇවිල්ලා මන් ඇදුමකුත් අරන් ටවල් එකත් කරට දාගෙන washroom එකට රින්ග ගත්තේ wash එකක් දාගෙන කන්න යන්න. කොහොමත් අද බීගෙන කාගෙන සින්දු කියන්න තමයි තියෙන්නේ.. මන් ෂවර් එකත් ඇරලා ඒක යටට ගිහිල්ලා දෙයක් ගැන ගැබුරින්ම හිතන්න ගත්තා..

ගෙදර ගියපු ගමන් ශාක්‍ය අයියගේ කාමරේට රින්ගන් තියෙන හැම මගුලම අව්ස්සලා බලන්න ඕනේ.. අර එදා මන් කොමන්සෙන්ස් කියලා අතෑරලා දාලා ආපු පොත ආයි කියෙව්වනම් ශාක්‍ය අයියගේ ප්‍රියම්බිකාව ගැන හරි විස්තරයක් මට දැන ගන්න තිබ්බා.. මේක නැත්තන් මාර සෙල්ලමක් වෙනවනේ..

නොනිමි සඳWhere stories live. Discover now