"තව හයියෙන් යමු ශේථු"
"විකාරද ප්‍රාති මේ යන වේගෙත් හොදටම වැඩි ඇයි කොහෙහරි ඇනගන්න ආසද"
අපි දෙන්නා හිටියේ එයාගේ බයික් එකේ තුරුල් වෙලා කඩුගන්නාව කන්ද නගින ගමන්.
කාර් එකේ යමු කියලා මං කොච්චරවත් කිව්වට එයාට බයික් එකේම යන්න ඕනේ වෙද්දි අපි දෙන්නා පට්ට පාන්දර එයාගේ බයික් එකෙන් නුවරඑළි යන්න පිටත් උනා.
දැන් වෙලාව උදේ හතට පහු වෙලා තිබුනත් මුලු කඩුගන්නාවම තාමත් මීදුමෙන් වැහිලා තිබ්බා.
පායන කාලේ නිසා මීදුම හුගක් දුරට අඩු උනත් තාම උදේ වැඩි නිසා හෙල පල්ලේහා එහෙම සම්පුර්නයෙන්ම මීදුමෙන් වැහිලා තිබ්බා.
එයාට පහල බලන්න ඕනෙයි කියලා එක පාරටම අමුතු ආසාවක් එද්දි මම බයික් එක පාරේ පැත්තකට කරලා නැවැත්තුවා.
එයා වගේම මමත් බයික් එකෙන් බැහැලා හිරි කැඩුවේ එක දිගට රයිඩ් කරන් ඇවිත් අමාරු නිසා.
මගදි එයා මගෙන් බයික් එක ගන්න ඇහුවත් එයා මට තුරුල් වෙලා යන එක නතර කරගන්න ඕනේ නැති නිසා මම ම එක දිගට බයික් එක අරන් ආවත් දැන් එකේ අනිංසන මම දැන් විදින ගමන් හිටියා.
කොන්ද නෑ වගේ....
බයික් එකෙන් බැහැලා එයා මීදුමෙන් වැහිලා තියෙන කදු පන්ති දිහා බලන් ඉද්දි මම ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.
තාමත් මැකිලා ගිහින් නැති පිනි බින්දු ඉර එලියට දිලිසෙද්දි මුලු ඇගම හිරි වට්ටන් සීතල හුලගක් අපිව පහු කරන් ගියා.
අපිට ටිකක් එහායින් අපේ වෙලාවටම වගේ කඩක් ඇරලා තියෙද්දි දුම් දාන තේ කෝප්පෙක තද අවශ්‍යතාවයක් තිබ්බ අපි දෙන්න හිමින් සැරේ කඩේට ගෑටුවා.
යන්තම් බඩගින්නකුත් දැන් දැන් ලෝඩ් වෙන හින්දා කෑමටත් මොනාහරි ගෙන්න කියන ගමන් අපි දෙන්නා ඇවිත් වාඩි උනේ හරි ලස්සන විව් එකක් තිබ්බ මෙසෙක.
මගේ අතකට සීතලට තිබ්බ එයාගේ අතක් හිර වෙද්දි අපි දෙන්නම මීදුමෙන් වැහුන කදු පන්තිය දිහා බලන් හිටියා.ඒක හරි ලස්සන හැගීමක්.