ලංකාවේ මුහුදුබඩ ප්රදේශ කියන්නේ අනිත් පැති වලට සමාගාමීව හරි වෙනස් පැත්තක්.
විශේශයෙන්ම මුහුදු වැල්ල ආශ්රිතව තියෙන්නේ වෙනස්ම සංස්කෘතියක්.
බහුතරයක් වෙරබඩ පිරිස කතෝලික බැතිමතුන් වෙද්දි එහි සුලු පිරිසක් බෞද්ධ ආගමත් ඇදහුවා.
ඔවුන්ගේ ප්රධාන ජීවනෝපාය හැමවිටම පාහේ මුහුද සමග බැදී පවතිද්දි වෙරලෙහි ජීවත් වෙන සාමන්ය පවුල් වල ගෘහමූලිකයා බොහෝ දුරට ධීවර රැකියාවේ නියුතු උනා.
සාමාන්යයෙන් මෙම වෙරල වැසියන් බොහොමයක් මධ්යම පාන්තිකයන් උන අතර ඒ අතරින් පතර යමක් කමක් ඇති පිරිසක්ද නැතුවාම නොවෙයි.
වෙරල සමග බැදි ජන ජීවිත ලංකාවේ බහුල වශයෙන් දැකිය හැකි ප්රදේශයක් ලෙස අපට මීගමුව නගරය හැදින්විය හැකිය.
මීගමුව නගරය ධීවර ගම්මාන වලට ප්රමුඛ තෝතැන්නක් වන අතර එය ලංකාවේ ප්රධානම සංචාරක තෝතැන්නක්ද වෙයි.
"විකාර, මුන් මීගමුව වැල්ලේ ලස්සන ලිව්වට එකෙක්ට කොන්ද පන නෑ ඒකේ වෙන අපාරධ ගැන ලියන්න"
එයාපොර්ට් එකෙන් ඩේමියන් එවලා තිබුන කාර් එකේ එන ගමන් ප්රාණ කාර් එකේ පිටිපස්සේ සීට් එකට වෙලා ඒකේ තිබුන පත්තරේ මීගමුව ගැන තිබ්බ තීරු ලිපිය කියවලා පත්තරේ පැත්තකට විසි කලා.
දිගට වැවුන හිතුවක්කාර කොන්ඩේ ලාවට වැවුන රැවුල එක්ක අහංකාර ඇස් ඒ මූනට අමුතුම ලස්සනක් එකතු කරලා තියෙද්දි කලු ඩෙනිමට කලු ජැකට් එක දාලා හිටපු ප්රාණ කලින්ට වඩා වෙනස්ම කෙනෙක් වෙලා හිටියා.
ඒත් එදා වගේම අදත් මැරයෙක් උනත් ප්රානගෙන් ඒ වගේ පෙනුමක් දකින්න නොලැබෙද්දි අදටත් ප්රාණ කියන්නේ මැරයෙක් කියන එක එයාව දකින කෙනෙක්ට කොහෙත්ම විශ්වාස කරන්න අමාරු දෙයක් උනා.