Epilogue

909 62 46
                                    

"ඉහත කරුනු කාරනා සලකා බලන විට අශාන් නැමැත්තා ඝාතනය හා තවත් වැරදි බොහොමයක් සදහා වරදකරු වූ ශේන් නොහොත් ප්‍රාණ නැමැති අපරාධ කරු ඝාතනය සදහා විහග ප්‍රාර්ථන යන අය වැරදි කරු වූවද පැවති කරුනු කාරනා සලකා බැලීමෙදි ඔහු ආත්මාරක්ෂාව වෙනුන් සටන් කල බවට සාක්ශි ඇත.

එනමුත් තවමත් ඔහු වෙත ඇති ඇතැම් සාක්ශි නිශ්ප්‍රභා කිරිමට නොහැකි වීම හේතුවෙන් විහග ප්‍රාර්තන යන අයට වසර පහක සිර දඩුවමක් නියම කරනු ලබනවා....."

පොලිස්පති උනත් එයාගේ අනියම් සම්බන්දෙක දරුවෙක් හිටියා කියලා එලි වෙයි කියන බයට සමහර සාක්ශි යට ගහද්දි අන්තිමේ ප්‍රාතිගේ නඩුව ඉවරයක් උනා.

"ප්‍රාන්....නෑහ් වැරදුනා අහ්හ්හ් ප්‍රාතීන් අයියේ......"

උසාවියෙන් යන්න හදන ප්‍රාති ලගට දිව්ව හිච්චි එයාව එක පාර බදා ගද්දි ගාඩ් එකට හිටපු ඔෆිසර් ලා කලබල උනත් පිටිපස්සෙන් ආපු අපි දෙන්නව දැකලා ඒ අය එහාට උනා.

ජේල් එකට යන්න ලෑස්ති බස් එක ලග උන්න ප්‍රාතිව බදාගත්ත හිච්චි අඩද්දි ප්‍රාති හිච්චිව සැනසුවා.

"ඇයි මට නොකිව්වේ ඔයා මගේ ඇත්තම අයියා කියලා අහ්හ්හ් ඔයා නරකයි ඔයා හුගක් නරකයි.....ඔයා මගේ අයියා කියන එක හැංගුවා විතරක් නෙමෙයි දැන් අම්මත් නැති මට කාත් කවුරුත් නැති කරලා යන්න හදනවා.....ඇයි අයියේ අනේ යන්නෙපා....මං තනි වෙනවනේ....."

"අඩන්න එපා ඔයාගේ තුවාලේ පෑරෙයි දරුවෝ....අහන්න ඔයා තනි වෙලා නෑ....තේශ් අයියා,ශේථු අයියා ඔයාට ඉන්නවා....මං පොරොන්දු වෙන්නම් ඉක්මනට ඔයා ලගට එන්න."

"පොරොන්දු වෙනවද?"

"පොරොන්දු වෙනවා...."

ප්‍රාතිගේ වචන එක්ක හිච්චි දනගහලා ප්‍රාතිට වදිද්දි මාංචු වලට හිර වෙලා තිබුන අත් වලින් ප්‍රාති හිච්චිට නොපෙනෙන්න කදුලු පිහා ගත්තා.

"එයාට දැන් හොදයිද"

අඩන එක නවතින්නේ නැති හින්දා හිච්චි අපි හිටපු තැනින් යන්න යද්දි ප්‍රාති තේශ් දිහා බැලුවා.

"වෙලාවට ගෙනියන්න පුළුවන් උන නිසා ප්‍රශ්නයක් උනේ නෑ.අනික බුලට් එක හාට් එකට ටිකක් මෙහායින් වැදිලා තිබුනේ"

Forgive Me ✔️Where stories live. Discover now