Chapter 47

478 61 14
                                    

"සිහිනිලා තාම වැල්ලෙද ශේථු"

"මොකද එක පාරටම ඔයාට සිහිනිව මතක් වෙලා ම්ම්ම්"

"මතක් වෙන්න ඒ දේවල් මට අමතක වෙලා තිබුනොත් නේ ශේථු..අපි දෙන්නම දන්නවා අපි මේ කරන්නේ උගුරට හොරා බේත් බීමක් කියන්න.

අපි කොච්චර හැම දෙයක්ම අමතකයි කියලා මේ ටික දවස ගෙවන්න හැදුවත් ඔයා වගේම මමත් දන්නවා අපිට ඒක කරන්න බැරි විත්තිය"

"කමක් නෑ ඒ උනාට අපි අමතක විදිහට අඩුම තරමේ රගපාමු.මං දන්නවා ඒකෙන් වෙන්නේ අපි රැවටෙන එක විතරයි කියන්න ඒත් එහෙම හරි එක තත්පරේකට ඔයාට මට හිනා වෙලා ඉන්න පුළුවන් නම් අපි එහෙම කරමු ප්‍රාති.

මොකද මට හරි අමාරුයි බං මේ දේවල් දරාගන්න.උබම මට කියනවා අපේ මේ ගමනේ අවසානේ උබට වගේම මටත් අඩන්න සිද්ද වෙනවා කියලා.

ඉතින් මෙච්චරයි කියන්න,පුළුවන් අන්තිම තත්පරේ වෙනකන් අපි අපිවම රවට්ටන් හරි හිනා වෙලා ඉමු"

"මට සමාවෙන්න ශේථු"

"සමාව ඉල්ලන්න මේ කිසිම දෙයක් ඔයාගේ වැරැද්දක් නෙමෙයිනේ ප්‍රාති ඒ නිසා ඒ ගැන නොහිතා ඉන්න.

කොහොම හරි ඒවා වැඩක් නෑ ඔයා කලින් මොකක්ද සිහිනි ගැන ඇහුවේ"

"අම්ම් මේ සිහිනිලට මොකද උනේ මං දන්නවා ඔයා එයාලව වැල්ලේ නම් තියන්නේ නැතුව ඇති"

"ම්ම්ම් ඔයාව මෙහෙ අරන් ආපු දා රෑම මං අපේ කොල්ලෙක්ව දාලා එයාලව පරිස්සම් තැනකට යැව්වා.

මේඝගේ නඩුවත් කතා කරලා ඉවර හින්දා දැන් ඉතින් කෙල්ල නිදහසේ ජීවත් වේවි."

මම කියද්දි ආපහු මුකුත් නොකිව්ව ප්‍රාති කල්පනාවකට වැටිලා කාර් එකේ ජනේලෙන් එලිය බලා ගත්තා.

පහුවෙන වාහන දිහා බලන් එයා හුස්මක් පාත දානවා ඇහෙද්දි කාර් එක ඇතුලේ තිබුන අමුතු නිශ්ශබ්දතාවේ යන්න මං සින්දුවක් ප්ලේ කලා.

තවත් සතියක් ගෙවිලා ගිහින්.මේ වෙද්දි නම් සම්පුර්නයෙන්ම ඩේමියන්ගේ රාජදානිය බිමටම සමතලා වෙලා ඉවරයි.

Forgive Me ✔️Where stories live. Discover now