Chapter 26

464 68 12
                                    

"ප්‍රානයියේ, ප්‍රානයියේ"

ඊයේ පාන්දර වෙනකන් ඇහැරිලා හිටපු නිසා වෙනදා වගේ උදෙන්ම මට ඇහැරුනේ නැති වෙද්දි එලියෙන් හීනෙන් වගේ ඇහෙන කටහඩට මම අමාරුවෙන් ඇස් ඇරියා.

කාමරේ ජනේලේ ඇරලා නැතත් බීරලු අස්සෙන් පෙරිලා එන ගන ඉර එලිය හින්දා එක පාරටම ඇස් අරින්න අමාරු වෙද්දි අත් දෙකෙන්ම ඇසුත් පොඩි කරන ගමන් මම කාමරෙන් එලියට ආවා.

"මොකෝ බං උදේ පන්දර දොර කඩන්න හදන්නේ"

"ඈ ප්‍රානයියේ දැන් කොහෙද උදේ පාන්දර දැන් එකොලහටත් ලගයි.අපේ අම්මා මේ මොකටත් කියලා වේලස්සන අයියට දවල්ට කෑම එක එව්වේ"

"අප්පට එච්චර දවල් වෙලාද? නින්ද ගියා බං වරෙන් ගෙට"

හිච්චි කෙලින්ම ගෙට ඇවිත් කුස්සියට යද්දි මම කාමරේට ආවේ මූනකට හෝදගන්න.

"මොකද හිච්චි කරන්නේ"

"අහ්හ් මම මේකට මේ වතුර ටිකක් දැම්මා අයියේ, උදේ මේඝ අයියා හම්බෙලා කිව්වා පැලේට වතුර පොඩ්ඩක් යන එන වෙලාවට මට දාන්න කියලා"

"කවුද හිච්චි මේඝ කිව්වේ"

"අහ්හ් ඇයි මං කිව්වේ සිහිනි අක්කා බැදලා ඉන්න අයියා"

හිච්චි ගානක් නැතුව කිව්වත් අනේ මංදා මගේ හිතට ඒ නම අහේතුකව වද දෙන්න ගත්තා.

මේඝ....මේඝ....ඇයි මට මේ නමින් අමුතු හැගීමක් දැනෙන්නේ.

"සිහිනි බැදලා දැන් ගොඩක් කල්ද හිච්චි"

"ඒකි බැන්දේ නෑ අයියේ පැනලා ගියා මිසක්.කොහොම හරි පැනලා ගිහින් නම් දැන් මාස හයකට වැඩි ඇති මං අහගෙන ඇසලින් නැන්දා කියනවා එකිගේ බඩටත් දැන් මාස පහක් වගේ කියලා"

"බඩට කිව්වේ සිහිනි ප්‍රෙග්නන්ට් ද?"

"ඕ පැනලා ගිහින් මාස දෙකකින් විතර බඩකුත් උස්සන් ඔය ආපහු ආවේ.ඇසලින් නැන්දත් එකම කෙල්ලනේ කියලා අක්කව බාර ගත්තා ඉතින් ආයේ.

ඒක නෙමෙයි ප්‍රානයියේ තට්ට මුදලාලි මට කඩේ මාලු වලට ගනන් දාන්න එන්න කිව්වා.මං ගිහින් හවස් වෙලා මේ පැත්තේ එන්නම්.

Forgive Me ✔️Where stories live. Discover now