Chapter 35

508 73 30
                                    

"උබ තාමත් හරි හිතුවක්කාරයි මගේ ඇට්ටෙරියා මල"

ඔලුවට දැනුන සනීප පහසක් එක්ක හීනෙන් වගේ ඇහුන කටහඩට මම ගැස්සිලා ඇහැරුනේ ශේථු ඇවිත් කියලා හිතාගෙනයි.

ඒත් මං ඇස් අරිද්දි කාමරේ හිටියේ මම විතරයි.ඒ කියන්නේ ඒක තවත් එක හීනයක් විතරයි.

කමක් නෑ හීනෙන් හරි උබ මගේ ලගට එනවනම් ශේථු...

උදේ කාමරේට ගිය පාර තෙයාශ් දවල් කන්න කතා කරත් මම පහලට නොයා කාමරේට වෙලා හිටියේ කන්න බෑ කියලා.

තෙයාශ් මට මුරන්ඩු කම් කරන්න එපා මටමයි වරදින්නේ කියලා බැනලා ගියත් ඇත්තටම මම කෑවේ නැත්තේ හිතේ තිබුන මුරන්ඩු කමට නෙමෙයි.

මගේ ඇස් මානෙන් ශේථු පෙන්න ඉන්නවනම් ඇයි මං මුරන්ඩුකම් අරන්නේ ඇරත් මම පොඩි එකෙක්ද මුරන්ඩු වෙන්න.

මම නොකා ඉන්න හේතුව මට අමාරු නිසයි.ගෙවිච්ච පැය ගාන ඇතුලත වෙච්ච දේවල් මගේ ඔලුවට පුදුම තරම් බර වෙද්දි බෙහෙතුත් නැතුව මං හිටියේ අමාරුවෙන්.

ඒත් මගේ තත්ත්වේ දන්නේ මං විතරයි කොහෙත්ම මට ඒක වෙන කාටවත් දැන ගන්න තියන්න බෑ.මොකද මොන දේ උනත් මට අරමුනක්, මම දුන්න පොරොන්දුවක් තියෙනවා.

ඉතින් මං මෙදාපාරවත් මං දුන්න පොරොන්දුව රකින්න ඕනා.

දවල්ට වඩා දැන්නම් ඔලුවේ කැක්කුම ටිකක් අඩු වෙලා තිබ්බේ මම කාමරෙන් හොයාගත්ත පැනඩෝල් දෙකක් දවල්  බිව්ව හින්දයි.

සයිඩ් ටේබල් එක උඩ ඔරලොසුවේ වෙලාව රෑ හත පහුවෙලා කියලා පෙන්නද්දි මම ඇදෙන් නැගිටලා කකුල් බිමින් තිබ්බා.

සීතලයි ටයිල් පොලොව උනත් නිරුවත් කකුල් හින්දම මට දැනුනේ තද සීතලක්.

කාමරේ ඉදන් කරන්න දෙයක් නැති වෙද්දි පහලට යන්න තහනමක් නැති උනත් ශේථුත් නැති නිසා මට පහලට යන්න බෑ කියලා හිතුනා.

ඒ හින්දම මම කාමරේ තිබ්බ ජනේලේ ලගට ඇවිත් හොද හුස්මක් ගත්තා.රෑ හින්දම හුලගේ උනත් තිබ්බේ අමුතුම සීතලක්.

තාප්ප වලට එහායින් පේන කැලේ අදුරු උනත් කනාමැදිරියෝ එකා දෙන්නා ඒ අදුර කපන් පියාබද්දි අමුතුම ලස්සනක් තිබුනා.

Forgive Me ✔️Where stories live. Discover now