Chapter 30

504 66 11
                                    

"ආයි යක්...මහත්තයා බලාගෙන"

"තුවාලෙකට බෙහෙත් දාද්දි රිදෙනවා තමා මේඝ පොඩ්ඩක් කෑ නොගහා ඉන්නවා"

මං කිව්වේ මුගේ තනිකරම තියෙන්නේ බොරු සෝබනේ.තුවාලෙට බෙහෙත් දාන්න ඕනේ හින්දා ගෙදරට එක්කන් ආවට මොකද මේකා හැසිරුනේ තුවාලයක් නෑ වගේ.

මාත් ඒ තරහටම සේලයින් වතුරෙන් නැතුව සර්ජිකල් වලින් තුවාලේ පිහදාද්දි තමා මහාලොකු චන්ඩියට තුවාලයක් තියෙනවා කියලා මතක් උනේ.

මොනා උනත් වාහනේකට අහු උන පොල් ලෙල්ලක් වගේ ඥානු වෙච්ච මේඝගේ මූන දකිනකොට මට දුක හිතෙද්දි මම සර්ජිකල් දාපු පුලුන් කෑල්ලෙන් තුවාලේ පිහදාන ගමන් කටින් පිම්බේ එයාට සහනයක් ලැබෙයි කියලා හිතන්.

මන්නයක් හින්දම සර්ජිකල් වලින් පිහදාලා බෙහෙත් දාපු මම තුවාලේ වැහෙන්න බැන්ඩේජ් එකක් අලවලා මේඝ දිහා බැලුවා.

මම මේඝ දිහා බලනවත් එක්කම එයා මෙච්චර වෙලා මං දිහා බලන් ඉදලා අහක බලා ගත්තා කියලා මට තෙරෙද්දි මම උගුර පාදලා කතා කලා.

"තුවාලේ එහෙම තෙමා ගන්න එපා තව දවසකින් ආයේ බෙහෙත් දාමු"

"ආයේ බෙහෙත් ඕනේ නෑ මහත්තයෝ මේක මෙහෙන්ම වේලිලා යයි"

"ඇයි තමුසේ දොස්තරද එහෙම කියන්නේ"

මම තරහින් අහද්දි මගේ දිහා රවලා බලපු මේඝ අහක බලා ගත්තා.

"මම එහෙනම් ගිහින් එන්නම් මහත්තයා"

"ඔහොම ඉන්න හිච්චි කන්න අරන් එයි දැන් කාලම යන්න"

"ඒත් මහත්තයා...."

"කියන එක අහන්න මේඝ අනික මට තමුන් එක්ක කතා කරගන්න වැදගත් දෙයක් තියෙනවා"

හුස්මක් පාත දාලා පහත් කටහඩකින් මම කියද්දි මේඝ මුකුත් නොකිය ඉදන් උන්න ඇද උඩින් නැගිටලා කාමරේ ජනේලේ ලගට ගියා.

"මහත්තයට ගිටාර් ගැහුවැකිද?"

"ටිකක් විතර ඇයි මේඝට පුළුවන් ද"

"ම්ම්ම් මං ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තා"

ඇට්ටේරියා පැලේ දිහා බලලා කට කොනකින් හිනා උන මේඝ ඒ ලග තිබ්බ ගිටාර් එක දැකලා අහද්දි මමත් ඒ ලගට යන ගමන් මේඝට උත්තර දුන්නා.

Forgive Me ✔️Where stories live. Discover now