ඊයේ කියට නින්ද ගියාද කියලා දන්නේ නැති වුනාට නැගිට්ටෙනම් උදේ10.00 ත් පහු වෙලා .එකත් අම්මාගෙන් කෝල් එකක් ආපු නිසා.අල්ලපු අඩවුවට කොන්ද නැ වගේ දැනුනාත් මම හිමිට ඇද වියනට හෙත්තු වෙලා කෝල් එක අන්සර් කරා.
"සුදු පුතේ කොහෙද ඉන්නෙ ,ඇයි දරුවෝ කෝල් එකක් වත් ගත්තේ නැත්තේ"
"අම්මා ,මුලින්ම හුස්ම ගන්න "
"කියපන් රත්තරන් කොහෙද ඉන්නෙ "
"අම්මේ මම ඉන්නේ.......අකේෂ් එක්ක"
"කවුරු එක්ක"
"අකේෂ් අනේ මගේ මිනිහා එක්ක අප්පා,හ්ම්"
"ඒ කොහොමද ,දෙන්නා තරහා වෙලා නේද හිටියේ"
"හරි එහෙම වෙලා හිටියා තමා .එයා මාව හොයාගෙන ඇවිත් සමාවෙන්න කියලා සමාව ඉල්ලුවා මම දිලා දැම්මා.අම්මානේ කියන්නේ කසදේ තමා වටින්නේ කියලා"
"ඔව්.ඒ දරුවා වෙන ගැනු පස්සේ ගියේ නැනේ,උඹ නැති කාලෙ අපේ ගෙදර හිටියේ වැඩි දවසක්"
"මොකක්ද අම්මේ "
"ඔව් මගේ පුතේ අකේෂ් දරුවා හිටියේ අපේ ගෙදර වැඩි පුර.උඹ ගියා කියලා.උඹව රිද්දුවා කියලා ඒ ගෙදර මිනිස්සු ඔය දරුවා එක්ක කතා කරලවත් නැ.තනියෙම හුල්ල හුල්ල හිටියේ උඹේ කාමරේට වෙලා"
ඒ තරම් විදෙව්වා නම් ඇයි පන කලින් මාව හොයාගෙන ආවේ නැත්තේ.ඒ තරම් ආදරේ කරලත් ඇයි මාව ඇත් කරන්න ඔනේ වුනේ බන්.
"අම්මා......එයා මාව වෙන ගෙදරකට එක්කන් ආවා."
"අපි දන්නවා පුතේ ,ඊයේ අපි හැමොම ආවා ඔය ගෙදර බලන්න."
"හැමොම කිව්වේ "
"මායි,ඒ ගෙදර කට්ටියයි.අපි අපේ දරුවෝ ඉන්න තැන ගැන හොයලා බලන්න එපැයි."
"එතකොට මේ ගෙදර අප්පච්චිගේ තැග්ගක්ද"
"අනේ නැ.පුතේ .ඔය ගේ සම්පුර්ණයෙන් ම ගත්තේ ඒ දරුවා එකතු කරපු සල්ලි වලින් ,පොඩි කාලේ ඉදන් තිබ්බ හිනයක්ලු ලස්සන ගෙයක් හදා ගන්න එක.ඒ හින්දා පොඩි කාලේ ඉදන් එකතු කරලා."
අනේ එයා ගැන මට හරි පුදුමයි බන්.මම එක අතින් වසනාවන්තයි උඹ වගේ මිනිහෙක් ලබන්න.එත් ඇයි ඔයා මාව ඇත් කරන්න හැදුවේ පන.මගෙ මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන කන් මට ඒ දේ අමතක කරන්න බැරි වෙයි.
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.