එලිය වැටිලා පන්දරම හොස්පිටල් යන්න හිටියා වුනත් යන්න බැරි වෙනකොට මම ඇදෙන් බහින්න බැලුවේ අකේෂ්ට මොනා හරි හදන්න කියලා.එත් කොන්දෙන් වගෙම යටි බඩෙන් ආපු වේදනාව එක්ක මට නැගිටින්න තියා හිතා ගන්න බැරි වුනා.දැන් තමා තේරෙන්නේ ඒදා හැමොම ඇවිදින්න පුලුවන් ද ඇහුවෙ ඇයි කියලා.
ආත්තම්මා බලන්න යන්න වෙන්නේ නැ කියන එක තේරුන නිසා මම අම්මාට කෝල් කරලා කිව්වා මට නැගිටින්න වෙලා ගියා වගෙම අකේෂ් දැන් ගෙදර ආවා කියලා.නැත්තම් ඊයේ රැ අල්ලපු අඩවුව ගැන කියන්නද.
"ආ...හ්"
නැගිටින්න හදපු උත්සාහය අසාර්ථක වෙනකොට කොන්දේ අමාරුව ඉවසගන්න බැරි වෙද්දි මටත් නොදැනිම කෑ ගැහුනා. ඒ සද්දේට ද කොහෙද එක පාරට කරන් එක වැදුනා වගේ අකේෂ් නැගිට්ටා.ඇස් ලොකු කරන් මන් දිහා බය වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා..මන් හිතන්නේ එයාට හිතා ගන්න බැරුව ඉන්නේ.
"මැණික ඔයාට අ....මාරුද?"එයාට ඇඩෙන්න ඇවිත් වගේ.ඇස් දෙකේ කදුලු පුරවන් බලන් ඉන්නවා.
"හ්ම්..ටිකක් කොන්ද රිදෙනවා.යටි බඩ නෑ වගේ"
"අනේ මට සමාවෙන්න .මට ඔයාට රිද්දන්න ඔනේ වුනේ නැ මැණික"
"රිදුනට මොකද දැන් ඔයා මගේනේ.අනික මේ වෙදනාව මට මතක් කරයි ඔයා දැන් හැම අතින්නම මගේ වගෙම මාත් ඔයාගේ ඔයාටම අයිති වස්තුවක් කියලා"
"කොහොමත් මගේ මැනික අයිති මේ මට විතරයි .අමාරුයි නම් නැගිටින්න එපා.ඔහොම ඉන්න "
"එත් ඔයාට කන්න මොනා හරි හදන්න ඔනේ .අද අම්මාලා කවුරුත් නැනේ"
"දැන් මම කන්න ඉලුවාද...හ්ම්...නැනේ..කලබල වෙන්නේ නැතුව ඉන්න."
"එහෙම බැ.හස්බන්ඩ් විදිහට මගේ යුතුකම ඔයාට හොදට සලකන එක.වෙලාවට කන්න දෙන එක.ඔයාගෙ ඔන එපා කම් හොයලා බලන එක ,...හ්ම්....ඉතින් කොහොමද මම කලබල වෙන්නේ නැතුව ඉන්නේ"
"මැණික....උඹ මගේ බව ඇත්ත එත් ඒ හැමදෙම මන් වෙනුවෙන් කරන්න ඔනේ කියලා එකක් නැ බන්. ඔහොම හිතන්න එපා "
ඔන්න දැන් මට මලපැනගෙන එන්නේ..ඇයි යකෝ මන් කරන්නේ නැත්තම් මොකාද කරන්නේ ආ....වෙන එකෙක් ඉන්නවද එවා කරන්න.මගෙ නම් මම මිසක් වෙන එකෙක් කරලා හරි යන්නේ නැ නේ.
YOU ARE READING
The Miracle eyes✅
Fanficහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.