18 කොටස

1.1K 93 13
                                    

රනිදු ගැන බයයි කියලා මම මොනා කරන්නද .මම අකේෂ් මැරි කරලා දැන් මාස තුනකටත් කිට්ටු වුනා.එත් රනිදු ඒයා මගේ ජිවිතේට මොන වගේ බලපැමක් කරයිද කියලා හිතා ගන්න බැ.ලොකු හුස්මක් ගත්ත මම නා ගෙන රුම් එකට ආවා.එනකොට අකේෂ් බර කල්පනාවක.

"වස්තුව ඇයි මේ .හ්ම්....?"

"හ්ම්...මොකුත් නැ"

"නැති වෙන්න බෑ..ඇයි කියන්නකෝ පන"

"අපි බැදලා දැන් කොච්චර කල් ද...මැනික"

"හ්ම්......දැන් මාස දෙකක් සම්පුර්ණයි.දැන් තුන් වෙනි මාසේ යන්නේ"

එයා ලොකු කල්පනාවක එත් ඇයි. මේ.ඔන්න ආයේ ලොකු හුස්මක් ගත්තා.දැන් මගෙන් අහා ගන්න යන්නේ .කියපන්කෝ මිනිහෝ.

"මගෙන් ඔයාට වැරැද්දක් වෙලා තියෙනවද මැනික"

"සැහෙන්න දෙවල් වෙලා තියෙනවා"මම හුරතල් විදිහට කිව්වා වුනත් ඒ මුන හැගිමක් නැති විදිහට මන් දිහා බලන් හිටියා.

"අනේ පන මම විහිලුවට එහෙම කිව්වේ .ඔයාගේ අතින් මට කිසිම වැරැද්දක් වෙලා නැ.අනේ ඔහොම බලන්න එපා මට ඇඩෙන්න එනවා දෙයියනේ "

"හ්ම් ....ඇයි එහෙනම් අරු තමා උඹ පස්සෙන් එන්නේ මගේ මැනික,මට තවත් ඉවසන්න අමාරුයි බන්"

"මම මොනා කරන්නද,ඒ යකාට ලැජ්ජා නැ පන,ඔයා ඔහොම ඉන්න එපා අනේ.මට දුකයි රත්තරන් ,මට මන් එක්කම තරහයි."

මෙක කරුමයක් වුනා .මගේ මිනිහා වැලහින්න වෙන්න ලගයි වගේ.රනිදු තමුසේව ඉක්මනට අයින් කරන්න වෙයි වගේ.මෙච්චර දවසක් හොදින් කිව්වනේ.හිටපන් තමුන්ට තමුන්ගේ තාලෙන් කියන්නම්.

"මම තව ටික දවසයි ඉවසන්නේ.හැබැයි අඑඋ නතර නොවුනොත් තමුන්ට විදවන්න වෙයි .මට අයිති දෙවල් එකාට අයිති වෙන්න දෙයි කියලා හිතන්න එපා.ඔය ඇස් දෙකෙ ඉදන් හැම දෙම මගේ.ඉතිරි මාස 6ත් ඉන්නකෝ"

"ඔයා මොකක්ද කරන්න යන්නේ වස්තුවේ "

"වෙලාවට බලගන්න.දැන් කිව්වොත් අගයක් නෑ මැනික"

එයා මොකක් අදහස් කරත් එ දෙ සැහෙන නපුරු  දෙයක් කියලා එයා කතා කරපු විදිහම තෙරුනා.

The Miracle eyes✅Where stories live. Discover now