11🎶

7K 1.3K 908
                                    

දෙයියනේ...ධීර් එනවා...මං කොහෙටද දුවන්නෙ මන් කොහෙද හැංගෙන්නෙ........ඔය එන් උන් ටික බෙදිලා ගියාම මාව කොහොමත් අහු වෙනවා.........

අනෙ ඉක්මනට අපිව අරන් ගියා නම්...ඇයි දෙයියනෙ මටම මෙහෙම වෙන්නෙ...ඇයි.......

මං බිම දිගෙ බඩ ගෑවා..හරියටම බඩ ගාගන්නත් බෑ..යටට මොන මගුලක්වත් නැතුව ඉන්න මං කොහොම කියලා බඩ් ගාන්නද.....එක තට්ටුවකට හුස්මක් අරන් පහලට දාන්න කලින් උන්ට එන්න පුලුවන් ...උන්ට නෙවෙ..ධීර්ට......

මං බඩගෑවා....දන ගෑවා..........මට ඕන උනෙ එක දෙයයි කාමරේට ගිහින් මගෙ යට කලිසම ඇදගන දුවාගන්න විතරක් වෙනකොට මෙච්චර වෙලා බඩගාපු දන ගාපු මං කොන්ද කෙලින් කරලා කොරිඩෝ ගැට්ටෙන් බෙල්ල දැම්මා...

අනෙ දෙයිය්නෙ එනවා...ලෙඩ්ඩු ඉන්න තැනක් ..මෙතන කෑ කෝ ගහන්න හොද නැති තැනක් කියලා නෑ දෙයියනෙ ධීර්ගෙ සේනාව එනවා...මුන් අත් වන වන සරම් උස්සන් ආවට මොකද මං ඇස් පනාපිට දැක්කා  සරම් ඉනට තද කරගන්න කැති මන්නා....

අර අම්මවයි අප්පච්චි වයි...අර කොල්ලගෙ අම්මා අප්පච්චි ....මට සල්ලි දුන්න අම්මා අප්පච්චි .....ධීර් මගෙ හීනෙදි වගේ මේ කොල්ලව මරල දායිද....

නෑනෑ...අනෙ එහෙම වෙන්න දෙන්න බෑ එහෙම වෙන්න දෙන්න බෑ......

අරුන් එනවා දැක දැකම මං එතන තිබුන ඇදක සුදු රෙද්ද අරන් ඔලුවෙ ඉදන් පොරවගන  ඉස්සරහට ආවා...

උන් එනවා....

මමත් මෙහෙන් එනවා...මං යන්න ඕන උන්ව පහු කරලා...උන් එකා ගානෙ කාමර වලට එබෙනවා...ඵෝන් එක පෙන්න පෙන්න මොනවද අහනවා....

අනෙ දෙයියනේ එන එන එකාව නවත්තන් අහනවා.........උන් ඉන්නෙ මට හුස්මක දුර...මාව දැක්කද...මාව දැක්කද.....ඇති යාන්තන්....දෙවියනෙ අවසානම මොහොතෙ දෙයියො මගෙ මූන බැලුවා.....

අඩියට දෙකට එන වෙයිට්ටි කාරයො එකම කාමරයක් නෑර බෙල්ල දදා බලනකොට උන් එහෙම්ම මං උන්න කාමරෙටත් බෙල්ල දාලා බලනවත් එක්කම  ලෙඩ්ඩුන්ගෙ ඇදන් රෙදි කිලුටු රෙදි තවත් සන්නම් මන්නම් කදක් අහස උසට පටවගත්තු ඇටෙන්ඩන් කෙනෙක් ඇදක් තල්ලු කරන් යනව එක්කම මං එක පැත්තකින් මුවා උනා.....

🔱SINGAM(✅)Where stories live. Discover now