අප්පා..........චූටියා අකුරු ඇහිද ඇහිද අප්පා කියල පෙන්නපු දිහාවට මං මගෙ ඇස් දෙක හැරෙව්වා ........
කිව්වත් වගෙ අප්පා ඉන්නවා.....හිමාලෙ වදින්න යනකාලෙට දෙමල්ලු ඔක්කොම තනි කළුම වෙයිට්ටි අදිනවා වගේ අප්පා ඇදන් උන්නෙ තනිම කලු වෙයිට්ටිය වෙනකොට මං දන්න දා ඉදන්ම එයාගෙ බෙල්ලෙ තිබුන අර රුද්රාක්ශ මාලෙ තිබුනා.....ශිව දෙවියන්ගෙ පාට ගත්තු නිල් වෙරලු ඇටේකින් හදාපු රුද්රාක්ශ මාලෙ!
අප්පා බලාගන ඉන්නවා....ඒ ඇස් හීනි වෙලා...හරියටම මගෙ හීන් වෙනවා හා සමානවම.....!
කිසිම හිනාවක් නැතිඋනත් ඒ ඇස් ගිනිපුලිගු වගෙ දිලිසනවා....
තත්පර ගානක්..දෙක යනකනුත් මීක් නොගා උන්න මං මානි කියන චරිතෙ හදාපු මගෙ අප්පා දිහා බලාගන ඉදල ඉනෙ තිබුන මන්නෙ පැත්තකින් තියලා කැහපට ගහන් උන්න වෙයිට්ටියත් ලෙහාගන අප්පා ගාවට ගිහින් බිම ඉදගත්තා.......
අප්පා.......
"උන් ඇවිදිල්ලා.....එහෙමනෙ.....??"
හ්ම්....ආවා..........නිකන් නෙවෙ.......මේ පාර ඇවිදින් තියෙන්නෙ මරන වරෙන්තු දෙකක් අතේ අරගන ..එකක් මගෙ....අනික...මගෙ මනුස්සයගෙ................................
"හ...හ්......මං තවම පටන් ගත්තෙ වත් නැතුව....මං තවම අත තියන්ඩ හිතන්නෙ වත් නැතුව කොහොමද පටන් ගන්නෙ ම්ම්ම්ම්...ඩේ...මනේශ්........"
අ...අප්පා....
"මං කියලා දෙන්ඩ දෙයක් නෑනෙ.....හ්ම්ම්ම්..............."
කකුලක් පිට කකුලක් දාගන උන්න අප්පා මං කියන වචනය වචනයක් ගානෙම අහන් උන්න වැඩි කතා බහක් නැති මනේශ්කුමාර් කුමාර්ගෙ නිර්මාතෘ උන ගනේශ් කුමාර් ඩේ මනේශ් ගාන ගාමං ඉදන් උන්න පුටු ඇන්දට ගහනවත් එක්ක පුටු අල්ලන් නැගිටින්ඩ හදන චූටිය පවා ගැස්සිලා ගියා.........
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)