මම එන්න හැරුනා...මං මානිගෙ මිනිහනෙ ඔයපු ධීර් කවදාවත් නැතුව මගෙ කොන්ඩ්ත් අවුල් කරලා කුඩම්මගෙත් ගාන බලන්න කියනකොට මං හිනා වෙලා එන්න හැරුනා...
ඒත් දැන් මගෙ හිත වද වෙනවා.....ඩොක්ටර් අරුන් කුමාර්ගෙ වචන එක්ක මගෙ හිත දැන් වද වෙනවා.............ජීවිතෙ කිසිම දවසක නොතිබුන තරම් අසරන කමක් දැනෙනවා...ඒත් ඒ විනාඩියෙම්ම මම මානිනෙ කියලා හිත ගල්කරගන්නවා......
තරහා පිරිමහන්නද....නැත්තන් කිව්වා වගේම උඹ මාව උපයගනින් කියන සීතල වචන එක්ක අවසානෙ වෙනකන් කට පියාගන ඉන්නද......
උඹගෙ වචන දරුනුයි............උඹගෙ ආවේගෙ එක්ක උනත් උඹගෙ කටින් පිට උන වචන හුගක් දරුනුයි...ඒත් ඒ කියල....හංගන් ඉදලා මැරිලා යන්න උවමනාවකුත් නෑ බන්.....ඒත් ඇත්ත කිව්වම මට උඹගෙන් ලැබෙන අනුකම්පාව ඔක්කොටම වඩා වදයක් වෙයි.....අනික මේක ෆිල්ම් එකක් නෙවෙ....ෆිල්ම් වල නම් හංග හංග ඉදලා ඔහේ මැරිලා යනවා.....ඒක ඊට හපන් වේදනාවක්.........
ධීර්.....
ම්න්...යෙන්න.......
තමුසෙට මේ වීකෙන්ඩ් එක ෆ්‍රීද......?
ඇයි....
මං ප්‍රශනයක් ඇහුවම ආපිට මගෙන් ප්‍රශ්නයක් අහන්ඩ එපා...මං තමුසෙව මරන්න හදන මනුස්සයෙක් නෙවෙනෙ.....
ෆ්‍රී......
ලෑස්ති වෙලා ඉන්නව මං තමුසෙව ලන්ච් එකකට හරි ඩිනර් එකකට හරි අරන් යන්නම්.....
වේන්ඩා....
යෙන්න....
තමුසෙටයි මටයි එලියෙන් කන්න වෙලා තියනවද...ලමයි බලාගන්නෙ මොකාද.......තමුසෙ දන්නවා මානි.....මට මාවවත් විස්වාස නෑ..........
............................අරන් යන්
පිස්සුද...ඔච්චර පොඩි උන්ව.....පෛතියමා ?
එහෙනම්....රූෆ්ටොප් එකේ ඇරේන්ජ් කරන්නම්....තමුසෙට පුලුවන් ද ඩිනර් එකට එන්න......
ධීර් මගෙ දිහා බලාගන උන්නා.....රූෆ් ටොප් එකට එන්න පුලුවන්ද අහනකොට ඒ ඇස් මලානික උනා......
මං තමුසෙට මොන නමිද කතා කරන්න ඕන.......මානි...මන්සද......මන්ද්‍ර........මනේශ්කුමාර්
මොකක්ද.....
BINABASA MO ANG
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)