මානි එනවා කියන ගිනි පුපුර පිදුරු ගොඩට වීසි කරපු මං හතරවටම ඇවිලෙන හැටි බලන් උන්නා.........
උසාවියට තියෙන්නෙ හූවක දුර......ස්ටියරින් වීල් එක තිබුනෙ මගෙ අතෙ උනත් හය දවසකට පස්සෙ ඇස් ඇරපු මට මේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන දැනෙන හැගීම විස්තර කරන්න තේරුමක් තිබුන් නෑ.........
නිල් අහසම පාලුවට ගිහින්...සුදු වලාකුලු වලට අද මක්ක වෙලාද කියන්න අහසවත් දන්නෙ නැති වෙද්දි මගෙ හිතත් මේ මොහොත වෙනකොට පාලුවට ගියපු මේ නිල් අහස හා සමානව පාලුවට ගිහින් තිබුනා.....
මට දැනෙනවා............මට ඒක ළඟ ලගම දැනෙනවා..........ලෙඩේ මොකක්ද කියන්න හොදාකාරවම දන්නවා උනත් ලෙඩට වඩා තව දොස්තරලා ට වත් හොයන්න බැරි ලෙඩ ගුලියක් මගෙ සර්වාංගෙ ඇතුලට බැදලා කියන්න මට දැනෙන්න ගත්තා.....
එකම වලාකුලක් වත් නොතිබුන අහසට නැගපු ඉර කෙරුවෙත් පරන කෝන්තර පිරිමහපු එක වෙනකොට කාපට් පාර අව්ව වැඩි කමටම දිලිසෙන්න ගත්තා........මගෙ ඇගිලි වෙව්ලනවා........කටෙ හයියයි හිතේ හයියයි ඇරුනම මටයි කියන්න මෙලෝම හයියක් නැති බව මටම දැනෙන වෙලාවක නොහිතපු තැනකදි මගෙ මනුස්සයා මගෙ ගිලා බැහැපු කම්මුල ඒ පිට අල්ලෙන් අතගානවත් එක්කම එකම එක තත්පරේකට මගෙ ඇස් පියවෙලා ගියෙ පපුවටත් බර හුස්මක් එක්ක වෙද්දි මං ධීර් දිහා බලලා හිනා උනා...
තමුසෙගෙ ඇබිත්තන් ස්පර්ශයක් පවා මට සතුටක් ධීරා ......සනීපයි.....මට දැන් දැන් හරි සැනසීමක් දැනෙන්න පටන් අරන් ධීරා....සමහර විට මේ හැමදේකම අවසානෙ අතේ දුර හන්දද මන්දා......මට මහන්සී...ඒත් දැන් මට සැහැලුයි....මේ හැම දේම ඉවරහ උනහම මට තමුසෙ ගාව නිදාගන්න ඕන ධීර්..........සදහටම ඇස් පිය උනත් කමක් නෑ....ඒත් මට නිදාගන්න ඕනම තැන තමුසෙ ගාව.........
...................
හය දවසක් මට තමුසෙව මග ඇරුනා කියන්නෙ නිකන්ද...........ධිරා...තමුසෙ දන්නවද.....මගෙ ජීවිතේ ගොඩ ඒමක් නැතිව මං ඇබ්බැහි උන එකම දේ මොකක්ද කියලා .......?
.........................
"තමුසෙට ...."ඒක හරි ආදරනීයම ඇබ්බැහියක් ....තමුසෙ කියන්නෙ ගැඹුරු මනුස්සයෙක් ධීර්....මරියානා ආගාදෙට පතුලක් තිබ්බත්.....මං හිතන්නෙ නෑ මගෙ කසාද මනුස්සයගෙ ආදරේට පතුලක් ඇති කියලා .........ඒත්.....දැන් ඉදන් තමුසෙ තමුසෙ ගැනත් හිතන්න පටන් ගන්නවා ධීරා.......තමුසෙ මට විතරක් ඔය හැටි ආදරෙ දීලා තමුසෙ කරන්නෙ තමුසෙටම අසාධාරනයක් රත්තරන් ................
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)