04🎶

10.3K 1.5K 772
                                    

මං ගිහින් මූන කට හෝදගන්න ලැහැස්ති උනා. ආය ලක්සරි ගෙවල් වල වගේවත්.....පර්චස් පහට දහය අස්සෙ හදාපු ගෙවල් වලටවත් තියන පුද්ගලීක කරාම වලින් නම් නෙවෙ...මෙ මුලු මුඩුක්කුවටම තියන පයිප්පෙන්...පයිප්පෙත් හරි අපේ ජීවිතත් හරි.......බොන ටික කන ටික හදාගන්නෙම මේ පයිප්පෙ පිහිටෙන්..නාගන්ඩ නම් සාගරෙ වගෙ කැලනිය තියෙන්නෙ.....

ගලක් වෙලා ඉපදුන දා ඉදන් අනුන්ගෙ කුණු තමුගෙ ඇගේ අපුල්ලන්ඩ ඉඩ දීලා..දීලා...කුනු දිය වෙන්වා වගේ.....ගලේ ඇපිල්ලෙන රෙදි කඩ දිය වෙන්නා වගෙ..අවසානෙදි ගලකට අයිති රළු කමත් නැත්තටම නැති වෙලා මටසිලුට්ටක් ඉතුරු උන ගෙවුන ගල් පොත්ත උඩ මං ඉදගන සිගනල් එකෙ අවසානම හරිය හූරලා..හූරලා..හූරලා අරන් බැරිම තැන දෙකට කපලා බෙල්ල හරියට බුරුසුව එබුවා.....

සිනා නම් බෝ වේවා කියනවා...ජීවිතේ මතක ඇති තාක් මං මැද්දෙම සිගනල් වලින්...ඒත් අද වෙනකන් මට හිනාව බෝ උන දවසක් තිබුන් නෑ...අම්මා අපිව අනාත කරලා යන්න ගියත් හරි..... හිනාව සදහටම අපිට ආගන්තුක උනා....අපිට කියන්නෙ වැඩිමලා විදිහට මට.......

මන්දා...අහල තියන විදිහට අම්මෙක්ට තියන දරු කැක්කුම ගැන විස්තර කරන්න වචන මදිය කියනවා..... අප්පෙක් දරු කැක්කුම දරාගන්න හැටි මනින්න මිනුම් දඩු නෑය කියනවා....

අම්මා යන්න ගියෙම ගිණි මද්දහනක.......මට තවම මතකයි.......මොන හෙතුවටද මන්දා කාලයක් යනකොට අපිව පේන්න බැරි උනා....විශේශෙම්ම පොඩීව....බැන්නෙම අබ්බගාතයා අබ්බගාතයා කියලා..........

චූටිට නම් කිරි නොදුනන් තරම්.....වැරහැලි වෙනවා...තමුසෙ වගේ මුට්ට කරගහන එකද මං කරන්නෙ ගගා චූටි කිරි ඉල්ලල අඩන වාරයක් ගානෙම අම්මා අප්පච්චි එක්ක රන්ඩු උනේම එහෙම කිය කිය.......

හිත රිදෙනවා.......අම්මගෙ ආදරේ නැතත්...අම්මගෙ කටහඩයි අම්මගෙ පාටයි මට තිබුනා......

අම්මා කියන්නෙත් නියෝන් එලි ඉස්පොල්ලෙ යන බාර් එකක කෝකිලාවියක්.......ගන්න පඩිය මදි අම්මගෙ ආම්පන්න වලට.......කට රතු ලිප්ස්ටික්....අඩි උස සෙරෙප්පු ..ඇගටම තියලා ඇලෙව්වා වගේ ගවුම් ......ඒවල පැල්මෙ තරම දකින අප්පච්චි මාරාවෙස වෙන හැමදාකම අම්මා බැන්නෙම තමුසෙ එක්ක ඇවිදින් මං කරුමයක් කරගත්තා කියලා .........

🔱SINGAM(✅)Where stories live. Discover now