මං ඵෝන් එක ඕෆ් කරලා දැම්මා.....
මන්දා....අප්පච්චි ...චූටිලා....දෙවනි මන් නැතුව බය වෙයි.....
ධීර්.......??
ධීර් බය වෙයිද.....නැත්තන් යකා නටයිද???
කහපාට ලාම්පු එලි පාර පුරාවටම ඇවිලෙනවා..ඉදහිටක යන වාහනයක් ඇරුනම මුලු පාරම පාලුවට ගිහින්.......ඒත් පාර පාලුවට ගිහින්මත් කියන්න අමාරුයි...උපන්දාකට මං තව දැකලා නෑ මුළු කොළඹම නිදාගන්න රාත්තිරියක්....නයිට් කඩවල නානලා කොත්තු ගහනවා....බවාන් වල...ඇත්තටම බවාන් නම් එච්චර වෙලා ඉන්නෙ නෑ...නානලා එලිවෙනකම්ම ගේම ගහලා උදේට වහලා දානවා නැත්තන් උදේ ශිෆ්ට් එක වෙන කවුරු හරි කරනවා.....
මං එහෙම්ම මගෙ ඔලුව කාර් එකේ වීදුරුවට හේත්තු කර ගත්තා...ඵෝන් එක ඔන් කරන්බ බයයි ඔන් කරපු ගමන් ධීර්ගෙන් මැසේජ් එනවා කෝටියක් ....
අයියෙ...
කියන්න මල්ලි...
මට ඵෝන් එක ටිකක් ඉල්ල ගන්න පුලුවන් වෙයිද...මැසේජ් එකක් දාගන්න ගෙදරට
මං ඩ්රයිවර් අයියගෙ ඵෝන් එක අරන් චූටිට මැසේජ් එකක් දැම්මා මොකද මට දවස් දෙක තුනකටවත් ගෙදර යන්න වෙන්නෙ නෑ.....
චූටි...මං ලොකූ....පොඩියි උඹයි හොදින් නේද....අප්පච්චිට කියපන් මං යාලුවෙක්ගෙ මලගෙදරක යනවා එන්න දවස් දෙක තුනක් යයි කියලා ...පරිස්සමින් ඉදපන් චූටි...අයියා ආදරෙයි තෙරුවන් සරනයි......
මන් සට පට ගාලා මැසේජ් එක ටයිප් කෙරුවා ....අප්පච්චි ට ගන්න බෑ අනෙ අප්පච්චි රෑට විතරයි සැනසීමෙන් නිදාගන්නෙ.....මං කෝල් කරලා කොහොමද ඒ නින්ද කඩලා දාන්නෙ....දාපු මැසේ එකත් ඩිලීට් කරලා චූටිගෙ නම්බර් එක බ්ලොක් කරලා ඵෝන් එක ආපහු ඩ්රයිවර් අයියට දීලා ඔහේ පාර දිහා බලන් උන්නා......
මිනිස්සු පේමන්ට් එකෙත් නිදි.....හිගන ගෑනුත් කඩපිල්වල නිදි....ඇත්තටම මේ මිනිස්සුන්ට ඇදුමක් පැලදුමක් කෝ....තිබුනත් මාරු කරගන්නතැන් කෝ....වැසිකිලි කැසිකිලි කෝ....යන්තන් බෝගහට මෙහායින් නම් ටොයිලට් පේලියක් දාලා..චූ කරන්න මෙච්චරයි ...ජී කරන්න අච්චරයි කියලා ...
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)