-අප්පා-

5.1K 722 472
                                    

මානි අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මානි අයියා....යේක මේ තන්නීර්....

වේන්ඩා....

අඩෙ අප්පා..යේක වතුර ටිකක් වත් බීපල්ලකො...යේක මුත්තු... අපිලගෙ අයියට තන්නීර් ටිකක් වත් බොන්ඩ කියපල්ලකො ඩේ.......යේක අපිලගෙ අයියා එතුලට යනකොට කියලා තමා ගියා අප්පා අයියා බඩගින්නෙ තමා ඉන්නවා  මොනවහා හරි කවන්ඩ තමා ඕනා කියලා ..යේක කියපල්ලකො.......

වේන්ඩා...සේදු......අයියා කන්නෙ නේ කිව්වොත් නේම තමා........යේක අපිලග් මානි අයියා එතුලෙ ඉද්දි අයියට කන්ඩ බොන්ඩ පුලුවන්ද අප්පා ..බේ.....

මුරුගා.......මං මගෙ බරට රත්තරන් දෙන්ඩ බාර උනා.....මගෙ ලමයිගෙ අප්පව මට ආපිට දීපන් මුරුගා...උඹට පේනවද මං විදවන විදවිල්ලක තරම.....මට මගෙ මනුස්සයව ආපිට දියන් මුරුගා ....

මට මගෙ පනව ආපිට දියන්.....අනෙ මුරුගා මට ඌ නැති ජීවිතයක් නෑ මුරුගා මගෙ කොල්ලන්ට උන්ගෙ අප්පා නැතුව නින්ද යන්නෙ නෑ....උන්ට නින්ද යන්නෙ නෑ මට හුස්ම වැටෙන්නෙ නෑ....මගෙ බරට නෙවෙ......අනෙ මුරුගා ඇතෙක් බරට හරි මං රත්තරන් දෙන්නම්......උඹගෙ නමින් අහඩ උසට හරි කෝවිලක් හදලා පූජා කරන්නම්...මට මගෙ රත්තරන්ව ආපිට ගෙනත් දියන් මුරුගා....පුලුවන් නම් නෙවෙ දෙයියො....මට මගෙ පනව දියන් දෙයියනෙ ..මට ඉන්නෙ ඔච්චරයි ...මං බාර උනා වගේ වදින්න පුලුවන් හැමතැනම වදින්නම්...තිරුපති ඇවිදින් කාවඩි නටන්නම්.....කතරගමට ගිහින් ගිනි පාගන්නම්.......මගෙ රත්තරන්ව මගෙන් හුස්මක දුරකටවත් ගන්න එපා.....මට බැ මුරුගා.....

මන් මගෙ ජීවිතෙ කිසිම දවසක සතුටක් විදපු මනුස්සෙයෙක් නෙවෙ මුරුගා...මගෙ  මූනට හිනා ඇබිත්තක් වත් ගෙනාවෙ මගෙ මිනිහ විතරයි මුරුගා....

මං උන්නෙ තනිකරම ගිනි කබල උඩ ඉදගන.......පිච්චෙනවා පිච්චෙනවා අහවරක් නෑ.........ඇස්වලින් ගලන කදුලු තනිකරම චන්ඩ උන මහ මුහුද වාරකන් ගහන්නා වගේ එකම දිගට කදුලු කැට හලනකොට මගෙ පිරිමි කමට මොනවද උනෙ කියන්න මට හොයාගන්න බැරි උනා ...... අරුන් මට වතුර පොවන්න හදනවා.....කවන්න හදනවා...

🔱SINGAM(✅)Where stories live. Discover now