15🎶

8.5K 1.3K 801
                                    

ධ්....ධීර්.........

මන්දා....මට මොනවා ඇහුනද කියලා....එයා මගෙ කනට පහත් වෙලා මිමිනුවා...මන් උඹට ආදරෙයි කිව්වා..ඒකත් මේ ගිනි මැද....හරියටම අසූ අටේ කලු ජූලිය මැද කෙල්ලෙක් කොල්ලෙක්ට අවසාන හුස්ම අරින්න කලින් ප්‍රොපෝස් කරනවා වගේ............මං උඹට පැලෙන්න ආදරෙයි කියනවා වගෙ.....එයා මට ආදරෙයි කියනවා එහෙන් භුමිතෙල් බෝම්බ පුපුරනවා......

ඇයි ම්ම්ම්...තමුසෙට රිදෙනකොට මට තරහා යනවා............තමුසෙ අඩනකොටත් මට තරහා යනවා....මුන් කාගෙ උන්ද???

ධීර්....ව්..ව්..වේන්ඩා.....ධීර් ....

උන් මන් එවාපු තාම්බුලම් තට්ටු පොඩි පට්ටම් කරලා..........එතකොට මට මොනවද හිතෙන්නෙ දන්නවද.........ම්ම්ම්...මට උන් ඔක්කොම මරන්ඩ හිතෙනවා....කසාදෙට කලින් මුඩුක්කුවෙන් අවමගුල් පෙරහැරක් අරන් යන්න හිතෙනවා.....අම්මු....තමුසෙගෙ ලේ  හෙලවිලා.....මරලා දාන්ඩද....එකෙක් නෑරම....??

ධීර් කියවනවා........වලිය පටන් ගත්තෙ කුඩු වලට උනත් ජූඩගෙ ඒවුන් අත තිබ්බෙ වැරදි මිනිස්සුන්ට වෙනකොට සුදු පාට වෙයිට්ටි අමු අමුවට රතු වෙන්න ගත්තා.........

කුඩු ජූඩා කියන්නෙත් අපායෙන් දැම්මම පුටුවක් වෙන් කරන් ඉන්න නහරයෙක් වෙනකොට ඒකගෙ සිපයියො මේ වෙනකොටත් බූමිතෙල් ලාම්පු වලින් හදාගත්තු බෝම්බා නොවෙන බෝම්බා ජාතියක් ගහන ගමන් මුලු මුඩුක්කුවම සුන්නත් දූලි කරන්න ගන්නකොට  මට ආදරෙයි කියපු ධීර් එයා එවපු තාම්බුලම් තට්ටු උන් ඔක්කොම පොඩි පට්ටම් කරලා කියනවා එක්කම මගෙ ඇස් පනා පිටම  එතන තිබුන පරවි කූඩුවක් පුපුරලා ගියා ධීර්  එක පාරම මගෙ කන්දෙකත් වහගනම මාව පහත් කරගත්තා... ඒ එක්කම තව පියාඹන මූනිස්සම් දෙකතුනක්ම පියාඹන් ගිහින් ජනෙල් පියන්ද දෙක තුනක්ම සලාන් බලාන් ගාන සද්දෙන් කඩාගන වැට්ටෙව්වා....

ධීර් මාව ලේ පිටින්ම තුරුල් කරගත්තා ....අත් දෙකෙම්ම වහගත්තා ...



ඩේ..මුත්තු සාමී.......

අයියා.......

🔱SINGAM(✅)Where stories live. Discover now