ධ්......ධී....රාහ්...
මට කෑ ගැස්සුනා.....අනෙ මුරුගා කොටින්ම මගෙ පන මෙතන යන්න ආවා........කපලා දාපු ගහක් වගේ මගෙ මිනිහා වැටුන වැටිල්ලට මහ පොලවට පවා කැක්කුම් ගන්නකොට ඒ ඔලුව හත් කඩකට පුපුරන්න ඇති කියලා බය උන මගෙ පපුව කන්ඨකට වඩා වේදනාවෙන් පුපුරලා ගියා.....
ධ්...ධීරා.......ව්..වස්තුවෙ...
මට ගොත ගැහුනා.....ඉකි ගහලා...කැ ගහලා අඩාගන්න ඕන උනත් හූනියමක් කරල වගෙ මගෙ උගුර හිර උනා...වචන හිර උනා...හිර උන ඉකිය උගුර කුඩුපට්ටම් කරන් එලියට බහින්න දගලනකොට මගෙ සර්වාංගෙම පන නැතිව හිටගන උන්න තැනම කඩාගන වැටෙනකොට අනෙ මං මගෙ මිනිහා ගාවට බඩ ගෑවා......
මගෙ ජීවිතේ හැම වේදනාවක්ම...හැම හෙනයක්ම උහුලන් උන්න මට දරන්න හයියක් නැති උනා...නැගිටලා හිට ගන්න කකුල් වාරු නැති වෙනකොට මට ධීර් ගාවට යාගන්න පන
නැති උනා.....සත්තයි මුරුගා...මං හිතුවෙම මගෙ අවසාන තත්පරෙ ලන්වෙලා කියලා .....ධීරා ....ධ්...ධීරා...ක්..කුට්ටි....කුට්ටි......හ්.....අනෙඇස් ඇරපන්....ඩේ....ඩේ....ය්...යෙනෙග....කුට්ටි.......
යෙන්න මා මෙහ ...ම කරනවා...............ව්...වාසු අන්නා......
මං කෑ ගැහුවා ....වතුර බිදක් ළඟ පාත නැති වෙනකොට යකාගෙ විමානෙ උන කැබින් එක ඇතුලෙ ඉදන් මං මරහඩ තිබ්බා....
කරුමෙ....කරුමෙ මුරුගා මගෙ කටහඩ කෝ කියපන්.......
ඇස්වලින් වැටෙන කදුලු කැට විතරයි....මගෙ හර්දවස්තුව ඇතුලෙ ඇතිවෙච්ච භූමි කම්පාව මනින්න මිමි නැති තරම්......
හයයි හතරෙ සයිස් මගෙ මනුස්සයා ඔහෙ මලකදක් වගෙ ඉන්නකොට හිටගත්ත තැනම ඇදගන වැටුන මං බඩ ගෑවා.....මොන හයියට උන්නත් මගෙ දුර්වලම තැන මගෙ ධීර් වෙනකොට වාසු අන්නට විතරක් නෙවෙ දෙයියනෙ දේවමන්ඩලේම ඉන්න මුරුගලාට පහලට වැඩපන් කිව්වත් සද කිදුරිගෙ දුක විතරක් අහපු සක්කරයා පවා අහක බලපු වෙලාවක ඒකගෙ පුතා වයිමත් අතුරුදහන් වෙලා පඩුකුල් අස්න ඔහෙ ගිනි ගන්නගමන් තිබුනා...
ධීරා....ක්..කුට්ටි...යෙනෙග නැගිටප .....න්.නගිටලා අම්මු දිහා බලපන් අන්නා.....
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)