05🎶

9.5K 1.5K 1K
                                    

යනවා කිව්වම අහලා......තමුසෙට කොහොමත් ජීවිතාන්තෙ දක්වා කන්න වෙන්නෙ ඔව්වා.......අනික තමුසෙ මට සල්ලි දුන්නා...ම්ම්ම්....මං තවම ඇහුවෙ නෑනෙ ගෙනාවෙ කොහෙන්ද...කින්ද මන්ද...........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...බේබ් මං ආස නෑ මං ප්‍රශ්නයක් අහනකොට තමුසෙගෙ කටේ කෙල හිදෙනව  බලන්නයි....එක පාරක් දුන්නම බිම ඇදෙගන වැටෙනව බලන්නයි ම්ම්ම්...

ධීර් මාව තල්ලු කරනවා....නිකන් නෙවෙ තවම මගෙන් සල්ලි ගෙනාවෙ කොහෙන්ද කින්ද මන්ද  ඇහුවෙ වත් නෑ කියපු දීර් මගෙ අත් ගොබෙන් ඇදගන වගේ ගිහින් කිලෝමීටර බාගයක් විතර දිග මේසෙක ඉන්දෙව්වා....

දෙවියනෙ මේක කෑම මේසෙයක්ද නැත්ත  වෙන මොකක් හරිද   ... ...ඇගිල්ලක් ගහන්න ඉඩක් නැ...එක පැත්තක දල්ලට හුරු කෙසෙල් කොල...තව පැත්තක පිගන්....කැමති නම් කෙසෙල් කොලෙ...කැමති නම් පිගානෙ..........

මන්දා මට කියන්න තේර්‍ර්න්නෙ නෑ..අඩුම මගෙ ගෙදර කෑම මේසයක් තිබුනෙ වත් නෑ....බෙලෙක් පිගන් වලට බෙදාගන අපි තුන් හතර දෙනා කුසියෙ තැන් තැන් වල......ඒත් පොඩීගෙ රෝද පුටුව කුසියට දාපු ගමන් එකෙක්ට ඉදගන්න ඉඩ මදි වෙනවා......එහෙව් දාට අප්පච්චි හරි මං හරි ජැක් එකක් ගහන් කනවා..ගෙයි කන්න බෑ අල්ලි දෙකක් වත් නැති හන්දා ඉදුල් ගද ගහනවා...එලියට යන්න බෑ මුඩුක්කු ගද ගහනව....හුගක් දාට මං කෑවෙම හිටගන.......

මං ධීර් දිහා බැලුවා....එයාට ගානක් නෑ......එයා ගිහින් මට එහා පැත්තෙන් ඉදගත්තා වගෙම මුල් පුටුවෙ සීයා උන්නා.......ඉතුරු හැත්ත බුරුත්තම ගෑනු මිනිස්සු දරුවො අනිත් පුටුවල ඉදගන්නකොට මට තනිකරම අර දෙදාස් ගනන් වල මුල් කාලෙ ගිය තුල්සි විරානි උන්න මහ ගෙදර මතක් උනා.....

ඒ ගෑනු වගේම මේ ගෑනුත් නිදියන්නෙ මේකප් දාගනද මන්දා...නාහෙ තියන කරාබුවක තරමට මුන් කොහොමට හුස්මක් කටක් ගන්නවද කියන්න මුරුගා තමයි දන්නෙ.....ආච්චි දිහා බලන්න බෑ...ඇවිදින රත්තරන් කදක් වගෙ...අනිත් උන්ගෙ නම් එක නහයක විතරයි කරාබුව අච්චිගෙ නාස් දෙපැත්තෙම කුකුල් ගූ මල් වගේ පෙති කෝටියක පෙරිය සයිස් මල්.දෙකක් තිබුනා....බෙල්ලෙන් එකයි තැල්ල....ඊටත් මොන මගුලටද දෙයියනෙ මෙච්චර රත්තරන් ..........

🔱SINGAM(✅)Where stories live. Discover now