.........ඇත්තට.....මේ දත් පාර දැක්කම උඹව නලියනවද...............උඹගෙ සිල්ලර කතා....ඩේ......යෙන්න ඩා යටගියාව ආය ආය උඩට ගන්නවා .....
මං හිතන්නෙ සුරේන්ද්‍රන් කාරයාට තියෙන්නෙ ඉල්ලන් කෑමෙ ආසාවක්....චුට්ටක් කොනිත්තලා යන්න ගියහම මිනිහට ඕනෙ බෙල්ල මුලින් කපාගන්න.....
ෆිල්ටර් එකෙන් වතුර වීදුරුවක් ගත්ත මං වතුර වීදුරුව දිහා තත්පර ගානක් බලාගන උන්නා....කොල්ලො දෙන්නට කිරි හදන්න ගෙදර වතුර ගන්න එපාය කියලා කියන්න ඕන...මොකද මුන්ට සල්ලි විතරයි ...බලේ විතරයි...ආය කිරි සප්පයා උනත් කමක් නෑ හෙන ගහලා හැදිගෑවිලා යනවා නම් එච්චරයි ..
කතා කරන්න කලින් අප්පට බැරිද එක තත්පරේකට රසපරික්ශක වෙන්න ම්ම්ම්....
.......................
මොකද පරම්පරාවක් එක රෑකින් මුරුගා ගාවට යවපු උන් ඉන්න වහල යටමයි අපිත් ඉන්නෙ.....ඉතින් බයයිනෙ වතුර උගුරක් බොන්නත්......ගෑනීට මැහිතෙල් දානකන් අතපය බැදන් බලන් උන්න උඹ වගේ නිකමෙක්ගෙන් මීට වඩා උදව්වක් ගන්නත් බෑ.......බීලා බලපන්....උඹ අද හෙට මැරෙන්ඩ නියම උනාට මට මැරෙන්ඩ බෑනෙ බොසා...ම්ම්...ගැම්මට උගුරක් ගහලා බලමු....
මං අතෙ තිබුන වතුර වීදුරුව සුරේන්ද්‍රන් කාරයගෙ පැත්තට තල්ලු කෙරුවා.......මිනිහා තනිකරම අදුකොල දැකපු නයාවගේ......හැබැයි කරුමෙ කියන්නෙ සුරේන්ද්‍රන් කාරයා කියන්නෙ නයෙක් උනත් පිහිටලා තිබුනෙ එක පෙනයයි.......පෙන හතක් තියන මානි ගාවදි ඌ නිකම්ම නිකන් පුස්සක් විතරක් වෙනකොට මං එකගෙ පැත්තට තල්ලු කරපු වීදුරුව අරන් එක හුස්මට ගහලා දැම්මා....
ඒ විතරක් නෙවෙ කටකොනින් කාන්දු උන වතුර බින්දුව ඇගිලි තුඩට අරන් මිනිහගෙ මූනට ගැසුවා......
උඹට ඒකට වත් ගටක් නෑ........අඩුම ගානෙ උඹට වතුර උගුරක් බිලා වත් පෙන්නන ගටක් නෑ......හැබැයි මෙතන උඹගෙ අර ආදරනීය අවඩි පොඩ්ඩ මනෝහාරි උන්නා නම්...වහ උනත් ඒකි පීචන් වෙන්ඩ බැරි කමට එක හුස්මට ගහලා දාන්න ගියා......මොකද ඒකිට ගට තියනවා.....මේ කතාවෙ විලන් කැරැක්ටර් එක උඹයි කියල පෙන්නන හැදුවට ....ඇත්තටම උඹ ඇවිදින් සිංහ හමක් පොරවගත්ත කැනහිලෙක් බන්......
BINABASA MO ANG
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)