අත් දෙක වනාගන ආව මං කෙලින්ම ස්ටේජ් එකට නැග්ගා ........මුලු මුඩුක්කුවම කෑගහනවා......
විසිල් ගහනවා......යෙන්න උන්ට මෙච්චර සන්තෝසයක්......ම්ම්ම්...ඇයි උන් හිතන්නෙ උන්ගෙ රැහෙ එකෙක් බලේට ආවම උන්ගෙ දුකට පිහිටක් හම්බෙයි කියලා ....?
සොරි බොසා..."දුකට පුන්"ගහන්න තමයි වෙන්නෙ.....ඇබිත්තකට නැති මුවපැටව් අමු අමුවට මැරිලා යනවා බලාගන උන්න උඹලා කැනහිල්ලුන්ට රජ වෙන්න දුන්නා.........!
උඹල එකා ගානෙ කැත්ත ඉස්සුවත් අද මෙතන මීට වඩා වෙනස් වෙන්න තිබුනා....මොකද මුඩුක්කුවෙ උන් ආය ඕන යටිබඩකට ඔට්ටුයි....ඒත් උඹලට එදා මොනරපිල්වල සුවදට යට වෙන්න ආස හිතුනා ... ......
සුරේන්ද්‍රන් කාරයා උඹලට එදා කෙරුවෙත් මේ වගේම කැම්පේන් එකක්.....බත් පැකට් එකයි රුපියල් පන්සීයයි වතුර බෝතලෙයි දීලා උඹලව කට්ට අව්වෙ තියාගන මැති ඇමතිලා කියන අතේ පැලවෙන පොයි අහන්න සලස්සනවා වගේ හැමදාම සතපනහෙ උරේට සිල්ලර අරක්කු කාල ගහන එකාට අතිවිශේශ කුප්පියක් මිටමොලවලා.....හිගා කාලා මලක් ගහන එකාට සතියකට ඇති වෙන්න බඩු දීලා මුලු මුඩුක්කුවම නම්මගත්තු ඒකා ආවෙත් මෙන්න මෙහෙම........
ඉතින් උඹලට පුලුවන් දැන් මගෙ නාට්‍යම් බලන්න.......ඒ විතරක් නෙවෙ......අප්පා ගෙදර යන එන වේලාව......කරන කියන දේවල්........අපි ඉන්නෙ කොහොමද ...කන්නෙ මොනවද කියන එක මනෝහාරි ටත් කලින් උඹගෙ කනේ තියපු එකත් තවමත් ඉන්නෙ මෙතන......ම්ම්ම්ම්.....නල්ලම්...රොම්බ නල්ලම්......උඹල අද වෙනකන් දන්නවද වහලදාපු ගෙදරට යාපනෙන් ඇවිදින් පදිංචි උන පවුල මෙ ගෙදර මැරුන් කාපු එවුන්මයි කියන්න....ම්ම්ම්...
ඇත්ත කොහෙ දැනගන්නද....උඹලගෙ ඇස් වලට එදා මුලු පවුලම නැති වෙලා ගියානෙ...සරි...සරි.........ඔය විදිහටනම විස්වාස කරන් ඉදපල්ලා............මොකද ....කාපු පතට මිනිස්සු රිව්වෙ නැති උනාට.....මානි කොහොමත් නවතින්නෙ ඒ දේත් කරලා.....ගුනසිංහපුරේට මානි උනාට.......
ගෙදරට ලොකූ උන මට මුඩුක්කුවම කතා කෙරුවෙත් ලොකූ කියලමනෙ....සරි....බලන් ඉදිල්ලා...ලොකූ දැන් තමයි මුඩුක්කුවත් කොනක ඉදන් කන්න ගන්නෙ......ස්ටේජ් එකට නැගපු මං තත්පර ගානක් විසිල් ගහන කෑ කෝගහන මිනිස්සු දිහා බලාගන ඉදල ඉදල අවසානෙදි ආයම පාරක් අර පුරුදු හිනාවම දාලා දාගන උන්න මල්මාලෙ ගලවලා පැත්තකින් තියනවත් එක්කම ස්ටේජ් එකෙන් බහින්නත් කලින් ඒ මල්මාලෙ පස්සෙ දොරෙන් ආයම විකුනපු කඩේට අරන් ගියා.....

YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)