යෝ කතාව ලස්සන නෑ නේද..කොමෙන්ටුවක්වත් වෝට් එකක්වත් නෑ..මන් තරහයි හුම්ම්...
↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠↠
ආයෙ ඔයාලා එන්නෙ නෑ නේද අම්මා...අප්පච්චි...පුලුවන් නම් මන් එනකන් ඉන්න...හැමදාම මගේම අම්මා අප්පච්චි වෙලා ඉපදෙන්න...ඔයාලා මා දිහා බලන්ද ඉන්නෙ අප්පච්චි...ඔයාලා අනිවාරෙන් මා දිහා බලන් ඇති..මොකද ඔයාලට බෑ මාව දාලා යන්න...දන්නවද..අද තමා මන් ඔයාලව දකින අන්තිම දවස වෙන්නෙ....හෙට ඔයාලව අරන් යනවලු..ඒත් සමාවෙන්න අම්මා..මට බෑ ඔයාලගෙ පෙට්ටි වලට කරගහන්න...මට ඒක බර වැඩී...උරහිසට නෙවේ...හදවතට...උරහිසක් මොකක් හරි උනොත් බෙහෙත් හරි දීලා හොද කරවන්න පුලුවන්....ඒත්..හදවත...ඒක බිදිලා ගියොත් ආයෙ හදන්න බෑ...පැලැස්තර ඇලෙව්වත් හොද නොවන තුවාලයක් වේවි..මන් එනවා...අවසාන වතාවට සමුදෙන්න...ඒත් සමාවෙන්න...මට පෙට්ටියට කරගහන්න නම් බෑ...ඒක අමු දුකක් අප්පච්චි..මන් අම්මගෙයි අප්පච්චිගෙයි ඉස්සරහට වෙලා පුටුවක් තියන් එයාලා දෙන්නා දිහා බලන් ඉදියා...මට දුකයි...කියාගන්න බැරි තරම්ම...මන් කෑවෙ නෑ....ඇගට කිසි පනකුත් නෑ...ඒත් මෙයාලා දෙන්නා මෙතන නිදාගෙන ඉන්නකොට මට කන්න පුලුවන්ද...බෑ...කොහෙත්ම...කැම්පස් එකේදි කාපු බත් කටවල් දෙක තුන ඇරෙන්න ඊටපස්සෙම මන් මුකුත්ම කෑවෙ නෑ...
ඔහොම ඉදලා බෑනෙ බන්...වරෙන්කො කන්න යන්න..නැත්තන් උබත් ලෙඩ වෙයි...අනික අම්මා අප්පච්චිටත් දුකයිනෙ උබ මෙහෙම ඉන්නකොට...එයාලා කොහොමද සැනසීමෙන් මේ ගෙදරින් යන්නෙ...
යශේන් මන් ගාවට ඇවිත් ඔලුව අත ගගා අතින් ඇද ඇද කන්න යන් කිව්වත් මන් නෙවේ කතා කෙරුවෙවත් හෙල්ලුනේවත්...පරඩැල වගේ හිටපු මන් යශේන් අදිනකොට ඒ පැත්තට මේ පැත්තට පැද්දුනේ පුලුන් ගොඩක් වගේ...යශේන්ට කියවලා ඇතිම තැනද කොහෙද මාවත් දාලා උගෙත් කදුලු පිහ පිහ යන්න ගියා....
එයාලා දෙන්නව කලු වෙලා...කම්මුල් වල චුට්ටක් සුදු ඉතුරු වෙලා තිබ්බා ඇරෙන්න එයාලා දෙන්න කලු වෙලා...මිනිස්සු තාමත් යනවා එනවා...ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති තරමටම මිනිස්සු....කෙල්ලො දෙතුන් දෙනෙක් කොල පාටයි රතු පාටයි නෙස්කැෆේ කෝප්ප වල නෙස්කැෆේ බෙදනවා...මන් බලාගෙන පුන්චි කෙල්ලෙක් එයාගෙ අත තිබුන නෙස්කැෆේ එක ඇගේ හලාගත්තා...