0018

466 62 4
                                    

කේශ් රෑට කන්න ගෙනාව බත් එකත් කවාගෙ අ එයා ගෙනාපු යෝගට් එකත් කවාගෙන ඉස්මුරුත්තාවට වගේ ආපු මන් ඇද උඩ පතබෑවිලා ඉදියා...බඩ පිරුනත් පෙරේතකම ලොකුයිනෙ...

ආයෙම ඩොක්ට රෑ ඇවිදින් මාව චෙක් කරලා හෙට උදේ ඩිස්චාර්ජ් කරන්නම් කියලා ගියේ මටත් මේ මගුලෙ ඉදලා එපා වෙලා තියෙද්දි...ඒව්...මේ කට්ට ගලවන්න බැරිද මන්දා...ඒ අස්සෙන් කහනවත් අප්පා කට්ට ගහපු තැන...ම්හුක්...කැක්කුමයිනෙ...සෙද්ද...

කේශෝඕඕ...

මන් ඇදලා කතා කරා...

ඇයි...

අත සිදෙනවනෙ...ම්හුක්..

කෝ දෙන්නකො...

එයා මගෙ අත පරිස්සමින් එයාගෙ අත උඩට අරන් ඒ දිගටි සීතල ඇගිලි වලින් කැනියුලාව ගහපු තැන හිමින් අතගෑවා....

කේශ්...

එයා තාමත් අත ගානවා...

ම්ම්...

අයියලාව මතක් වෙනවා...එයාලා ආපහු දකින්න ආසයි...ඒත්...

මන් ඔලුව පහත් කරගත්තා...මට අහේතුකවම එයාලා මතක් උනා...එයාලත් අද හිටියා නම්...මෙතන විහිලු කර කර ඉන්න තිබ්බා...ඒ කාලෙ මන් සතුටින්ම හිටපු කාලයක්....

එයාලා එයි...දවසක...ඒත්...අපි වයසට ගිහින් තියේවි...

මට දුකයි කේශ්...එයාලට එහෙම නොවෙන්න තිබ්බා...

ඇත්ත...උන්ට එහෙම නොවෙන්න තිබ්බා...මගෙයි වැරැද්ද...මම නිසයි උන්ට ජීවිතේ දාලා යන්න උනේ...

එහෙම කියන්න එපා කේශ්...ඔයා නිසා නෙවේ...ඒක එයාලගෙත් වෙලාව...

ම්ම්...දැන් නිදාගන්න...

අඩන්නෑ කියලා පොරොන්දු වෙන්න...

මන් මොකටද ලමයො අඩන්නෙ...

බොරු කියන්න එපා කේශ්...ඔය බලන්න...දැනටමත් ඔයාගෙ ඇස් වල කදුලු පිරිලා....

හරි හරි...අඩන්නෑ..ම්ම්..දැන් දොයියගන්නකො...

කොහෙවත් යන්න එපා...හරිද...

නෑ නෑ යන්නෑ...දොයියන්නකො..

හ්ම්ම්....

මන් ඇස් දෙක පියාගත්තෙ ටික වෙලාවක් යනකොට හොදටම නින්ද යද්දි...ආයෙ ඇහැරුනෙස් කේශ් පිටි එකක් හදලා කතා කරද්දි...

සින්නක්කර | COMPLETED✅Where stories live. Discover now