හොදින් කිව්වට ඇත්තටම මන් බය වෙලා ඉන්නෙ මොකද වෙඩි සද්දයක් කියන්නෙම අනතුරක්...කවුද කියලා දන්නෙ නෑ..මොන වගේ දෙයක් මෙතන වෙයිද කියන්න දන්නෙ නෑ...
"කේ..ශ්"
බය වැඩි කමටම මම කේශ්ගෙ නම රහසින් මිමිනුවා...මාව හීතල වෙලා...අත් නහය පවා ගල් වෙලා...හරියට හොදටම වහින වෙලාවක කොහෙ හරි ගිහින් ආවා වගේ....
"බය වෙන්න එපා...අපි ඉන්නවනෙ"
ඇත්ත...කේශ් ඉන්නකොට මන් මොකට බයවෙනවද...මට මන් ගැන කිසි දුකක් නෑ...මොනම හරි දේකින් ආයෙම මාව තනිවෙයි කියන බය විතරයි තියෙන්නෙ...
"මන් බලලා එන්නම් බොස්"
රෝයි කේශ්ට බලලා එන්නම් කියනකොට රෝයිත් හා කියන්න ඔලුව වනලා යන්න හදනවත් එක්කම මන් පරිස්සමින් කියලා කිව්වෙ රෝයි ආයෙම මගෙ පැත්ත හැරිලා හිනාවක් දීලා
"බය වෙන්න එපා පොඩි බොස්"
කියලා යනකොට...මන් දැක්කා...රෝයි යන යෑමටම පිටිපස්සෙ කලිසමේ ඉන අස්සෙ හන්ගන් ඉදපු තුවක්කුව ශර්ට් එක උස්සලා අරගෙන ලෝඩ් කරගෙනම ගියේ....
විනාඩි පහක් යන්නත් කලින් රෝයි ආයෙම පොඩි කොල්ලෙක්ව ඇදගෙන ඇවිත් කෙලින්ම ටයිල් එක උඩට අතෑරියෙ කොල්ලගෙ අතේ තිබ්බ තුවක්කුව වැටුන පාරට විසි වෙලා ඇවිත් අපේ ඉස්සරහින් නැවතෙනකොට....
"රෝයි...කවුද මේ"
කේශ් එක ඇහිබැමක් උස්සන ගමන් රෝයිගෙන් ඇහුවා...
"මූ තමයි වෙඩි තියලා තියෙන්නෙ...ආයෙම ගන් එකත් අරගෙන ගේ ඇතුලට එන්න හදනකොටමයි අල්ලගත්තෙ...අරූට පුලුවන් මේ වගේ වැඩකට නැති පොඩි පකයින්ව එවන්න තමයි...ඔච්චරටම හැප්පෙන්න ඕන නම් පොඩි උන්ව එවන්නෙ මූනට මූන හැප්පෙන්න එන්න බැරිද...හැන්ගි හැන්ගි ගේම් ගහන පොන්නයො"
රෝයි ඇදන් ආවෙ පොඩි කොල්ලෙක්ව...මන් හිතන්නෙ කොල්ලට පහලවක් දාසයක් වගේ ඇත්තෙ...ඇට ගැහිච්ච ඇගක් එක්ක කන් විදලා කරාබු දාලා කොන්ඩ ඩයි කරලා ඇහි බැමි කපලා...ආයෙ නෑ මූ කරන්න ඕන සේරම දේවල් කරලා....ඇත්තටම පව්...මේ ලමයින්ගෙ අම්මලා තාත්තලා නැද්ද දන්නෑ...ඇත්තටම අම්මෙක්ට තාත්තෙක්ට පුලුවන්ද ලමයි මේ වගේ වෙනවා දකින්න...මගේ අප්පච්චි වගේ උනා නම් ඉතින් මාව මරලා හන්ගලා අඩ අඩ හොයනවා....