0009

856 117 35
                                    

kesh's pov

ඇත්තටම මන් දැනන් හිටියෙ නෑ මගෙ රත්තරන් මටත් ආදරෙයි කියලා....දැක්ක දවසෙ ඉදන් ඒක් පාර්ශවිකව ආදරේ කලා කියලා හිතුවට ඒක එහෙම නෙවේ...ඇත්තටම අපි දෙන්න දෙන්නට ආදරේ කරලා....ඒත්...ඒත් මන් මොකද්ද කරේ...මන් ශේනුට බොරු කිව්වා...මන් බොරු මැව්වා...ගෑනියෙක් එක්ක එකතු වෙලා මන් බොරු මැව්වා...ශේනු අච්චර මට ආදරේයි කියලා කිව්වත් මන් කරේම එයාව මගෑරලා රිද්දපු එක....මට එහෙම කරන්න වුනා...මන් බය වුනා...මොකද මන් මැරයෙක්...කොයි වෙලේ මොන විදිහට මැරෙන්න වෙයිද කියලා දන්නෙ දෙවියො විතරයි....ඒත් මට ශේනුව රිද්දන්නත් බෑ...එයා කිව්වා...අඩ අඩ කිව්වා...මට ආපිට ආදරයක් නොදුන්නත් මාව මගාරින්න එපා කියලා...මාව අප්පිරිය නම් මන් යන්නම් කිව්වා..නෑ බන් නෑ...මන් උබට හරි ආදරෙයි...මායි ආත්මාර්තකාමී උනේ...අවසානෙදි කියවලා කියවලා උබ පපුවත් අල්ලගෙන සිහි නැති වෙනකොට මම මොන තරම් බය වුනාද...උබ කිව්ව විදියට තිශේන්ගෙ කතාවට කොමාවක්වත් තිත් පේලියක්වත් නැතුව තිතක් තියයි කියලා මන් බය වුනා...ඒත් උබ මන් වෙනුවෙන් හුස්ම ඇල්ලුවා...ඉතින් මන් අවසානෙදි කිව්වා...මන් දැනුත් කියන්නෙ ඒකමයි...

ශේනු...

ම්ම්...

මන් උබට හරි ආදරෙයි රත්තරන්....

මයිලෝ එකක් එක්ක ඔට්ටු වෙවී ඉදපු ශේනුට මන් ආයෙමත් මගෙ අසීමාන්තික ආදරේ ගැන කිව්වා....එයා කරේ මා දිහා බලන් ඉදලා මයිලෝ පිටින්ම මගෙ කම්මුල එබිලා යන තරමටම හාද්දක් තිව්ව එක...ඒකෙන් එයාට  කියන්න ඕන උන හැම හැගීමක්ම මට දැනුනා....

⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶⟶

එහෙනම් ඉතින් දැන් ඉදන් එයා මගේ....එක අතකට මට පපුවෙ අමාරුවක් තියන එකත් හොදයි...නැත්තන් මන් මැරෙනකන් මේකා කියන්නෙ නෑනේ...ඒත් එක්කම කේශ්ගෙ පෝන් එකට කෝල් එකක් ආවෙ එයා කලබලෙන් වගේ කතා කරද්දි...

මොකද්ද...හරියට කියපන් යකෝ සිද්ද වුන දේ...

.................

යකෝ එතකන් උබලා කොහෙද හිටියෙ.....

...............

හරි....මන් මේ දැම්ම එනවා...කොල්ලො ටිකයි වාහන ටිකයි ලේස්ති කරලා තියපන්...මන් අද ඕකාව බාවන එක බාවනවා.....

සින්නක්කර | COMPLETED✅Donde viven las historias. Descúbrelo ahora