අද ගෙදර යන්න බැරි වෙයිද කේශ්...
අදම ඩිස්චාර්ජ් කරන එකක් නෑ ශේනු....
ඒක නෙවේ කේශ්...කවුද ඇත්තටම ඔත්තුව දීලා තියෙන්නෙ...
වෙන කවිරුත් නෙවෙයි...අපේම එකෙක්...කන්න දීපු අත හපාකාපු පර බල්ලා...
කේශ් දත් මිටි කකා ඇස් රතු කරන් තරහින් කිව්වෙ මාවත් පුදුම වෙනකොට...
කවුද..
වෙන කවුද...විහස් කියන පරයා...ඌ ඔත්තු දීලා උබව අහු කරලා...
ඉතින් තමුසෙත් විශ්වාස කරා...
ඊලග පාර මන් කෑ ගහන්න ගත්තෙ කේශ්ගෙ තරහව නැති වෙලා ඇස් ලොකු වෙලා යනකොට...එක පාරටම කෑ ගහනකොට ඕන එකෙක් බය වෙනවනෙ...
ඈ මිනිහෝ...තමුසෙ ඌව විශ්වාස කරා...අනේ ඇත්තමයි...අපරාදෙ මන් උබව හොයාගෙන ඇවිල්ලා දහසක් වේජනා විදලා ආයෙ තමුසෙට මතක මතක් කරේ...මටත් ඇම්මනෙ...අර කට කාපු එකීටම බන්දලා දීලා එන්න තිබ්බෙ...කොහෙද මගෙත් හොද හිතනෙ...හූනියමගෙන් බේරගන්න ඕන නිසානෙ මේ සේරම කරේ...
ඇති බන් ඇති....
ඇති බන් ඇති කියන්නෙ මිනිහො මභ්හ්බ්නහ්....
ඉතුරු ටික සම්පූර්න කරන්න නොදීම කේශ් මට හිච්චි හාදුවක් තොල් වලට දීලා කම්මුලටත් ලොකූ හාද්දක් දීලා නහයත් මිරිකුවා...
යෝහ්...හුරතල් කරන්න එපා ඉතිම්...
තමුසෙව හුරතල් නොකර රොකීව හුරතල් කරන්නද...
ආ...ආ..ආස ඇති...මාව හුරතල් කරලා නෑ...වූ හව් සෑඩ්...හුර....
නවත්තගනින්...වූ..හැව් සෑඩ්...අනේ මේ...ආයෙ මට ඇහෙන්න ඔය මිනිහගෙ ඔය කතාව කියලා තිබුනොත්...කට කඩනවා..
හරි හරි ඉතිම්...
ම්ම්...කන්න මොනවත් ඕනද...
බත් ඕන...
හ්ම්ම්...මන් කැන්ටිමෙන් එකක් අරන් එන්නම්...
ටික වෙලාවක් යනකොට කේශ් සුවදම සුවද බත් එකක් ගෙනාවෙ මාත් ඒකෙ සුවදට ඉව අල්ලනකොට....මොනවද දන්නෑ තියෙන්නෙ...
කවන්නකො කේශ්...බඩගිනී...
ඉන්නකො...අත හෝදන් එන්නම්...