0005

840 129 10
                                    

ආයෙ මට ඇහැරෙනකොට මන් හිටියෙ මගෙම කාමරෙ මගෙම ඇද උඩ...මන් ඇගට දාලා තිබුන බ්ලැන්කට් එකත් අයින් කරගන්න ගමන් නැගිටලා කාමරෙන් එලියට ගියා....සාමකාමි...හැමෝම ගිහින්.....අවසානෙදි අපි විතරයි ඉතුරු...යශේන්ලයි...නිකේශ්ලයි...මමයි විතරයි...එයාලා ගේ එහෙම අස් කරනවා...නෙස්කැෆේ කෝප්ප බීපු බීපු තැන් වල...මේ කෙල්ලො වන වන ඒවා දෙන්න නම් එනවා...අවසානෙදි අපිටත් වැඩ වැඩි කරලා එක එක තැන් වල දාලා වැඩත් වැඩි කරලා යනවා..මන් එහෙම්මම අඹ ගහ යට හදලා තිබුන ගල් බන්කුවෙන් වාඩි වුනා...මට මතකයි මන් චූටි කාලෙ හොදටම උන හැදිලා....එදා මට ඕන උනේම කොහොම හරි අප්පච්චි එක්ක සෙල්ලම් කරන්න...උන වැඩිම නිසා අප්පච්චි එන්න බෑ කිව්වත් මන් වැලි කකා අඩ අඩ අප්පච්චිට සෙල්ලම් කරන්න එන්න කිව්වා...පැය ගානක් අප්පච්චි එක්ක සෙල්ලම් කරලා අවසානෙදි මට අප්පච්චිගෙ උකුල උඩම නින්ද ගිහින් තිබ්බා..එදා රෑම සෙල්ලම් කරලා ඇග තලා ගත්තු නිසාම උන ඩබල් උනා...අප්පච්චිගෙ ඇගේම වමනෙ කරලා අම්මවත් බය කරලා හොස්පිටල් එකෙත් දවස් තුනක් ඉන්න උනා...අම්මා නම් ඕක මතක් කර කර තාම හිනා වෙනවා...පුතාගෙ හපන් කම් ගැන අප්පච්චි එක්ක කියවන ගමන්...පොඩි කාලෙ මට පාන් ගෙඩියක් පේන්න බැරිලු...හරියටම මැද්දෙන්ම හාරලා කනවා..කනවට වඩා පාන් ගුලි කර කර විසි කරනවලු...එතකොට පපඩම්..ඒවා දැක්කොත් ඉවරලු....පොඩි කාලෙ අම්මගෙ අතේ ඉදන් පාන් ගෙඩියක් බදාගෙන ඉන්න පොටෝ එකකුත් තියනවා...පොල් සම්බල්...හම්මෝ...ඒවා හන්ගගෙනලු අම්මලා කන්නෙ...දැක්කොත් ඒවා දෙනකන්ම කන්නෙ නෑලු....දැනුත් එහෙම තමා ඉතින්..තුන් වේලටම පොල් සම්බල් ඒකත් ගලේ අබරලා...අම්මෝ...මට නම් දිව්‍ය භෝජන වගේ...ඒකත් අම්මා අතින් කනකොට...අපි කනකොට එච්චර රස නැති වුනත් අම්මා අප්පච්චිගෙ අතින් කනකොට කරවිල උනත් මට හරි රසයි...පුන්චි කාලෙ මන් කිරි බොන්නෑලු...ඉතින් ඒ වෙලාවට මන් අහක බලාගන්නවලු.....අම්මා ඒ වෙලාවට මගේ යටි පතුලට ගහනවලු...එතකොට අඩ අඩම කිරි බොනවලු..පුන්චි කාලෙ එහෙම උනාට මන් ටිකක් ලොකු වෙනකන්ම කිරි බිව්වා..අවසානෙදි නතර කරගන්න බැරුව අම්මා කොහොබ ගාගෙන...පස්සෙ ඉතින් අතෑරිලා ගිහින්...දවසක් මොකක් හරි වැරැද්දක් කරලා මන් පුටු සෙටිය උඩ වාඩි වෙලා හිටියා..එවෙලෙ අප්පච්චි බුදුන් වැද වැද හිටියෙ..මන් හරියටම ජනේලෙ කිට්ටුවම පුටු සෙටිය උඩ වාඩි වෙලා හිටියෙ..අම්මා හිටියෙ අනිත් පැත්ත කොනේ..අම්මා මාව බය කරන්න ග්‍රීස් යකා ඇවිදින් මාව අල්ලන් යාවි කිව්වා...අනේ ඉතින් මන්දන්න ග්‍රීස් යකෙක් ඉන්නෝද...මන් එපා මාව අරන් යන්න දෙන්න එපා කිය කිය මහ හයියෙන් කකුල් දෙක අස්සෙ ඔලුව ගහන් කෑ ගගහා ඇඩුවා..පස්සෙ අප්පච්චි කිව්වා අම්මගෙ බොරු එහෙම එකෙක් නෑ කියලා අම්මටත් රැව්වා...එදා ඉදන් හරියටම දවස් දෙකක් මන් අම්මා එක්ක කතා කරේ නෑ...පස්සෙ ඉතින් කරා...මතක වල ගිලිලා කදුලු අස්සෙන් හිනාවෙනකොට මන් ගාවට නිකේශ් ඇවිත් වාඩි වුනා...එයා ආපු ගමන් මන් ඇහුවෙ එක දෙයයි...

සින්නක්කර | COMPLETED✅Where stories live. Discover now