0013

847 113 10
                                    

එයාට මාව මතකයිලු දැන්...ඇත්තක්ද...බොරුවක්ද...එක්කො මන් ගැන අනුකම්පා හිතිලද...ඒ මොනවා උනත් කේශ්...ඔයා මට කියපු කතා වලට මට රිදුනා..මට නොසෑහෙන්න රිදුනා...මන් කියන්නෙ නෑ මටත් ඔයාට ඒ වගේම රිදවන්න ඕන කියලා...මන් වෛර කරන්නෙත් නෑ...මොකද මන් ආදරේ කරන කෙනාට මට වෛර කරන්න තරම් හයියක් නෑ....ඒත් එයා බොරු කරනවා කියලා මට පේන්නෙත් නෑ ඒත්...මට පුලුවන් වෙයිද මෙච්චර දේවල් කියලා මට බැනපු එයාට ආයෙම ආදරේ කරන්න...පුලුවන්...ඇයි මට බැරි වෙන්නෙ...

කේශ්...

ම්ම්...

ඔයා බොරු නෙවේ නේද කරන්නෙ...

මොකද්ද...

මාව මතකයිද??

ම්ම්...මගෙ ශේනුව මට මතක නැති වෙන්න විදියක් නෑනෙ...

ඔයා ඇත්ත නම් කියන්නෙ...ආයෙම මාව දාලා යන්නවත් හිතන්න එපා...දන්නවද...ඔයා නැති කාලෙම මන් ජීවත් උනේ මැරි මැරි...හැමදාම බලන් ඉදියෙ ශේනු මන් ආවා...අපි නැවතුන තැනින් පටන් ගමු කියලා ඔයා ඇවිත් කියනකන්....මට ඔයාව හරියට මතක් උනා කේශ්...මන්..මන්..දන්නෑ...මේක අවුරුද්දක් වගේ පොඩි කාලයක් උනත්...මට ඒක දැනුනෙ කල්පයක් ව..ගේ..කේ...ශ්...

මට අවසානෙදි ඇඩුනා...සතුටට වගේම දුකටත්...එයා මුකුත්ම නොකිය මගෙ කදුලු පිහදාලා නලලටත් හාදුවක් දීලා...හාදුව නිසාම පියවුන ඇස් වලට චූටි හාදු දෙකක් දුන්නා....අවසානෙදි කම්මුලත් හපලා නහයට උම්මියක් දුන්නා...නාකියා දැන් කෝලමක් වෙලා...

යෝහ්...හපන්නෙපා මිනිහෝ...

තමුසෙව හපන්නැතුව මන් වෙන කවුරු හපන්නද...

ඇයි අර කට කාපු ගෑනිව...ඒකිව හපාගනින්...ඒකිට අර හොද උඩැක්කියක් එහෙම තියෙන්නෙ...ඒවා හපපිය ගිහින්....තවුසෙ හිතන්නෙපා නාකියො මන් ඒවා අමතක කරා කියලා...හිටපන්කො...පෙන්දා...තමුසෙව මන් තියන්නෑ...නෙචූ..නෙචූ...බැබා...ඒව්..පඩික්කම් කටා..නාකි වලත්තයා...මෝඩ මිනිහා...

උම්මියක් දුන්නු ගමන් සැලෙන්ඩර් වෙයිද මේ මම..නෑ..නෑ..කොහෙත්ම නෑ...පන්න පන්න පලි ගන්නවා...මේ ශේනුගෙ තියරිය ඒක...අනේ ඇත්තමයි අර ගෑනිගෙ කට කාපු හැටි මතක් වෙද්දි මට හිතෙන්නෙම මේකගෙ කට කපලා අරන් බැදුමක් හදලා අර හූනියමටම කන්න දෙන්න...ඒත් බෑනෙ...පාඩුව මටමනෙ...මගුල...

සින්නක්කර | COMPLETED✅Where stories live. Discover now