මන් දන්නෙ නෑ කේශ්...මන් කිසිම දෙයක් දන්නෙ නෑ...අපිට සිද්ද වුනේ පටන් ගත්තු ගමන්ම නවතින්න..ඔයා පොරොන්දු උනා වගේ පොරොන්දුව ඉශ්ට කරන්නත් පුලුවන් සමහරවිට ඔයාට ඒ පොරොන්දුව අමතක වෙන්නත් පුලුවන්...මන් බලන් ඉන්නවා කේශ්...මොන විදිහෙන් හරි ඔයා ඒවි කියලා...ඒ ආදරේම අරන් ආයම මා ගාවට එයි කියලා...මන් බලන් ඉන්නවා...ඔය පපුවට තුරුල් වෙලා සැනසීමෙන් නිදාගන්න දවසක් එනකන්...ඒ දවස මගෙන් තව ඈත වෙන්න පුලුවන්...ඒත් මට පුලුවන් ඔයා එනකන් බලන් ඉන්න...තේජාන් අයියා කිව්වා වගේම මට පුලුවන් අල්ලන් ඉන්න...ඔයාලගෙ මතක....ඒවා මගෙ හිත තුවාල කරනවා...ආයම ඒ මතකම මගෙ හිත සනසනවා....
මට තේරෙන්නෑ මන් ඉස්සරහට කොහොම ඉන්නද කියලවත්...කැම්පස් යනවද...ඒත් කෝ මට සල්ලි....ඒලෙවල් තියන නිසාම මොකක් හරි ජොබ් කට්ටක් හොයාගන්න බැරි වෙන එකක් නෑ...ඒ නිසා මන් කැම්පස් ගමන නවත්තනවා...යශේන්ට කතා කරන්න බෑ...ඌට නොකියම මන් මෙහෙන් යන්නම යනවා....කවදකමහරි අපිව මේ පුන්චි ලෝකෙ ඇතුලෙ ආයම හම්බෙයි යශේන්....එදාට නම් ඉතින් බැනුම් කෝටියක් අහගන්න බලාගෙන තමා මට ඉන්න වෙන්නෙ....
මන් එහෙමම කුස්සියට ගිහින් වතුර එකක් බීලා උඩට ඇවිත් මගෙ බෑග් එක පැක් කරා...ඇදුම් ටිකයි අම්මා අප්පච්චිගෙ පොටෝ එකයි....සාලෙ එල්ලලා තිබුන එයාගෙයි අයියලගෙයි පොඩි පොටෝ එකකුයි මන් දාගත්තා...ආයෙම කේශ්ගෙ කාමරේට ගිහින් එයාගෙ අල්මාරියෙන් එයා ආසම එයාගෙ ශර්ට් එක අරගෙන බෑග් එකට දාගත්තා....සේරම හදාගත්තු මම දොරත් ලොක් කරගෙනම එලියට බැහැලා අවසාන වතාවට අපේ මතක පිරිච්ච ඒ අමුතු ගේ දිහා බලන් ඉදියා...තව ටික දවසක් යනකොට මේ ගේම වල් වැදේවි.....දූවිලි පිරේවි...අපි ආ ගිය මේ පාරම වල් වැදිලා හැඩ වේවි...මේ ගේට්ටුව...ඒක ආයම කා වෙනුවෙන්වත් නොඇරේවි....මේ බෙන්ච් එක...කවුරුවත් නැතුව ඒක තනිවේවි....කෑම මේසෙ...ආයම හිනා සද්ද එක්ක විහිලු කතා නොඇහේවි...ඒත් හරියට හිතලා බැලුවොත්...ඒක තාවකාලික වෙයි...ඒත් එයාලට එන්න බැරි වුනොත් මේ මතක මතකය්ක්ම වේවි...ආයෙ මේ දේවල් තිබ්බ තත්ත්වෙට පත් නොවේවි...
මන් එක අතකින් බෑග් එකත් අල්ලගෙන පාර දිගේ ගියේ බස් හෝල්ට් එක ගාවට....කොළඹ කොටුවට ආපු මම කෙලින්ම නැග්ගෙ මාතර බස් එකට....කොහෙ යන්නද කියලා තේරෙන්නෑ....මන් ජනේලෙ ගාවින් වාඩි වෙලා පෝන් එක අරගෙන වෙලාව බැලුවා...ම්ම්...දහයයි විස්සයි...නෝමල් බස් එකක් නිසා තුනවත් වෙයි යනකොට...බලමුකො...මන් ටිකක් විතර දන්න පලාතක් නිසාම මට අවුලක් වෙන එකක් නෑ...