0007

902 141 25
                                    

──────────────⛦⛦⛦⛦⛥⛥⛥⛥

මන් කේශුගෙ ගෙවල් ලගම තිබුන හෝල්ට් එකෙන් බැහැලා එයාලගෙ ගෙදර ගියා...යනකොට තේජාන් අයියා හිටියා...මන් එනකොට එයා පුදුම උනා...

කෝ නිකේශ්...

නිකේශ් කොහෙද අහන්නෙ එයා මන් එක්ක ආවෙ නෑනෙ...සමහරවිට එයා යන්න ඇත්තෙ මාව එක්කන් එන්නත් එක්කමද දන්නෑ...කෙල්ල නිසා මාව අමතක වෙන්නැති...

එයා ආවෙ නෑනෙ...

ඌ කිව්වනෙ යනවා කියලා...

වැදගත් වැඩක් වැටෙන්නැති...

එක්කො කියන්න ඕන ඌට යන්න වෙන්නෑ කියලා...

අමතක වෙන්නැති අප්පා...ඒත් මනුස්සයෙක්නෙ.

හුම් හුම්...දැන් එහෙනම් ගිහින් වොශ් එකක් දාගෙන කෑම ටික කන්න...

හ්ම්ම්...ආහ් මේ ඒක නෙවෙයි...බඩ්ඩක් අහන්නද
👉👈

මන් හොරා වගේ තේජාන්ගෙන් කේශුට කෙල්ලෙක්ද ඉන්නවද කියලා අහන්න කට හැදුවා...

මොකද්ද...

කේශු ඉන්නෙ...

ඕ ඉතින්...

කෙල්ලෙක් ඉන්නෝත....

මන් ප්‍රාර්තනා කරන්නෙ ඒක බොරුවක් වෙන්න...මන් දැක්ක දේ බොරුවක් වෙන්න කියලා...අනේ දෙවියනේ එයාට කෙල්ලෙක් නෑ කියන්න...

නැතුව...ඕකට ඉන්නවා...කෙල්ලට නම් විසි නවයක් වගේ..තාම යාලු වෙලා මාස හයක් වගේ වෙන්නෙ..මූම තමයි පස්සෙන් ගිහින් දාගත්තෙ...

ඒ කියන්නෙ ඇත්ත...ඒක ඇත්ත...අනේ...ඇයි මට මෙච්චර දුක...එක්කො මන් එයාට ආදරෙයිද...වෙන්න පුලුවන්...එයා වගේ කෙනෙකුට කාටද ආදරේ නොහිතෙන්නෙ...ඒත් එයත් කොල්ලෙක්...මාත් කොල්ලෙක්...මන් කැමති උනත් එයා මේ ගැන දැනගත්තොත් මාව අප්පිරිය කරයි...එයා විතරක් නෙවේ...හැමෝම....මට තාම මතකයි යශේනුයි මායි කලින් යාලු වෙලා ඉදියෙ කොල්ලො එක්ක කියලා දැනගත්තම ස්කෝලෙ ලමයි අපිව කොන් කෙරුවා...ඒත් ගුරුවරු නම් එහෙම කරේ නෑ...දෙයියනේ කියලා අපිව හොදින් බලාගත්තා...අපි දෙන්නට අපි දෙන්නා හිටියා...ඉතින් වැඩි අවුලක් උන්නෑ..ගෙවල් වලිනුත් අපිට කිසි ප්‍රශ්නයක් ආවෙ නෑ...ඒත් මන් එයාට නොකිය ඉන්නෙ කොහොමද...අනේ...

සින්නක්කර | COMPLETED✅Onde histórias criam vida. Descubra agora