0010

627 106 22
                                    

මෙයාලා මොකක් කියන්නද යන්නෙ....ඒ නිවුස් එක නම් කොහෙත්ම ඇත්තක් වෙන්න විදිහක් නෑ...මොකද මෙයාලා මන් ගාව ඉන්නවනෙ...ඉතින් කොහොමද ඒක ඇත්තක් වෙන්නෙ...ඒත් කේශ් මොනාද මේ කියවන්නෙ...මට පිස්සු වගේ...

ඔයා මොනවද කේශ් මේ කියවන්නෙ...ආහ්...ඒ නිවුස් එක කොහොමත් බොරු කියලා අපි දන්නවනෙ...මොකද ඔයා මන් මේ තුන් දෙනා මේ හොදට ඉන්නෙ....මේ නිවුස් කියන උන්ට නම් හොදටම පිස්සු.....

ඒත් එයාලා එක වචනයක් නොකිය ඉදියා...එයාලා මන් කියවන මුලු කාලෙ පුරාම කරේ සද්ද නැතුව මන් දිහා බලන් ඉන්න එක විතරයි...ඇයි මෙයාලට එක වචනයක් කියලා ඔව් ඒක බොරු කියලා කියන්න බැරි...

කියනවා කේශ්..මොන හරුපයක්ද මේ...ආහ්...

මන් බැරිම තැන කේශ්ගෙ කොලර් එකෙන් අල්ලගත්තා...එයා නිකන් සීතල වෙලා...හරියට කලු ගලක් වගේ....

වස්තුව අහන්නකො....

මට මොනවත් අහන්න ඕන නෑ මිනිහො...කියනවා අර නිවුස් එක බොරු කියලා...තමුසෙලා මෙතන ඉන්නකොට එතන ඉන්නෙ මොක්කුද...

සන්සුන් වෙන්න මැනික...

මන් කොහොම නම් සන්සුන් වෙන්නද...කියනවා...අරක බොරුවක් කියලා...මගෙ මාරයා අවුස්සගන්නෙ නැතුව මට කියපන් යකෝ...

ඒ සේරම ඇත්ත පොඩ්ඩො...

අශේන් අයියා මන් ලගට ඇවිත් ඔලුව අතගාලා කියනකොට මන් සෝෆාවෙන් නැගිටලා අඩ අඩම මහ හයියෙන් හිනා වුනා...

තමුසෙලට පිස්සුද අයියෙ...මාව මානසික රෝගියෙක් කරන්නද ඔයාලට ඕන...මේ විහිලුව හොදටම ඇති...දෙයියන්ගෙ නාමෙට මට ඇත්ත කියන්වා...

අනේ වස්තුව...අඩන්න එපා මගෙ  ශේනු...උබ ඔහොම පිස්සෙක් වගේ හැසිරෙනකොට මන් කොහොම නම් උබව දාලා යන්න හිත හදාගන්නද මගෙ වස්තුව...

දාලා යන්න...හහ්...දාලා යන්න...කේශ්...මට ඇත්ත කියනවා...තමුසෙලා හදන්නෙ මාව රවට්ටලා සක්කරවට්ටමක් ඇගේ ගහගන්න නේද...

මොනවද ශේනු මේ කියවන්නෙ...අහන්න රත්තරන්...කලබල නොකර මෙතනින් වාඩි වෙලා මන් කියන ඒවා හොදට අහගන්න...

එයා මගෙ අතින් අල්ලලා මාව වාඩි කරවන්න හැදුවත් මන් කරේ ඒ අත ගසලා දාලා අත් දෙක පපුවට බැදන් අනිත් පැත්ත හැරුන එක...අනේ දෙයියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා...මාව මැරිලා යයි...

සින්නක්කර | COMPLETED✅Tahanan ng mga kuwento. Tumuklas ngayon