0016

464 72 2
                                    

ශොප් එකෙන් එලියට ආපු ගමන් කේශ් මාව ඇදගෙන ගිහින් වාහනේට තල්ලු කරේ තරහෙන් වගේ වෙනකොට ඇත්තටම මන් බය වුනා.....

සතුටුද...

ආහ්...

මොනාද මේ කේශ් අහන්නෙ....අනිත් එක මොකද තරහ ගිහින්...

දැන් සතුටුද....

ඇයි කේශ්...ඇයි ඔයා තරහා අරන්...

ආයෙ එහෙම වැඩ කරන්න එපා...

ඇයි...ඔයාට රිදුනද...

මන් කට කොනකින් හිනා වෙලා කේශ්ගෙන් ඇහුවා...

රිදුනා...තමුන්ට බනින කොට මට රිදුනා...මට ඉවසන්න පුලුවන්ද...ආහ්...

හරි කේශ්...සමාවෙන්න...මන් එහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ...

හහ්...හිතුවෙ නෑ...තමුන් කවදද හිතලා වැඩ කෙරුවේ...

ඩ්‍රයිවින් ශීට් එකේ ඉදන් කාර් එක එලවන ගමන් එයා කරේ මට බනින එක....

බනින්න එපා කේශ්...ඔයාට තරහා යනකොට මට බය හිතෙනවා....

දැන්ද බය හිතෙන්නෙ...

ඒත් මෙතන ඔයාට කේන්ති යන්න තරම් දෙයක් වුනේ නෑනෙ...

මට දුක හිතුනා...වැරැද්දක් නොකරම බනිනකොට මට දුක හිතුනා....කදුලු පුරවගත්තු මන් කේශ් දිහා බලාගෙන ඉදලා ඇහුවෙ එක දෙයයි...

මාව වදයක්ද...

මන් හිතන්නෙ කේශ් බය වුනා...මගෙ කදුලු දැකපු පාර එයා එක පාරටම බ්‍රේක් ගැහුවා...

ශේනු...මන් එහෙම නෙවේ වස්තුව කිව්වෙ...අනිත් අය එක්ක පැටලෙන්න යන්න එපා...

එහෙම කියපු කේශ් මාව තුරුල් කරගන්න යද්දිම මන් අහක බලාගෙන නහය්ත් උඩට ඇද්දා...

අල්ලන්න එපා මාව....

ශේනු...අහන්නකො වස්තුව...

මට මුකුත් අහන්න ඕන නෑ කේශ්...ඔයාට කලින් කියන්න තිබුනා...එහෙනම් මන් ඔයාගෙන් ඈත් වෙලා හිත හදාගන්නවා...මෙච්චර දුරක් ඇවිත්...

මන් දන්නෑ මට මොනා වෙලාද කියලා...මන් කටට එන දේවල් ඔහේ කියෙව්වා...

ශේනු...මොනවද මේ කියවන්නෙ ආහ්...මන් දැන් කිව්වද උබව වදයක් කියලා.ම්.මෙහෙ එනවා...

සින්නක්කර | COMPLETED✅Where stories live. Discover now