එයා කිව්වෙ එනවා කියලා...මාත් එක්කමලු...කොහෙද...කොහෙ යන්නද...මේ ගෙදර දාලා කොගෙ යන්නද...අර සෙට් එකත් ඉද්දිම මන් ඇගිලි දෙකකින් නිකේශ්ගෙ ශර්ට් එක ඇද්දා...
ඇයි...
ඔයා කිව්වෙ අපි කොහෙද යනෝ කියලා...මාත් යනවද...කොහෙ යන්නද අනේ...
ම්ම්..යනවා...මාත් එක්ක...මගේ ගෙදර...
මට බෑ...මන් කොහොමද මේ ගෙදර දාලා යන්නෙ...
ඇයි උබ මේ ගේ උස්සගෙනද ඉන්නෙ...අද ඉදන් මාත් එක්ක මගෙ ගෙදර තමයි ඉන්නෙ...දැන් ගිහින් ගන්න ඕන සේරම බඩු ටික ගන්න...අත්‍යවශ්‍යම දේවල් විතරයි...
යෝ මේකා විහිලු කරන්නත් දන්නෝද...යකෝ මට උබත් කිව්වා..හිටපන්කො...
මට බෑ...
ඒ පාර මොකද...
මට උබ උබ කියාගෙන එන්න එපා හරී...
උබට උබ නොකියා වෙන මොනවා කියන්නද...
අනේ මේ...ඔයාට ඕන් නම් යනවා..ඇයි වදේ...හොදින් කතාකරන්න දන්නැද්ද...
අඩේ අඩේ උබේ පොඩ්ඩා පොඩි බෝම්බයක් වගේ නේ...
මන් බෑ කිය කියම මුරන්ඩු වෙනකොට නිකේශ් මන් දිහා බලාගෙන උබට උබ නොකියා වෙන මොනවා කියන්නද ඇහුවම මන් රවලා ආයෙත් කියෙව්වා...එහෙන් මෙයාගෙ නැට්ට වගේ ඉන්න යාලුවො මට පොඩි බෝම්බෙලු...අනේ ඉතින් උන්ට...මගුල...
හ්ම්ම්...එහෙනම් හොද ශේනු වගේ ගිහින් බඩු ටික ලේස්ති කරගන්නකො...
ශේ...නු...ශේනු...ම්ම්..ශේනු...
මන් ඒ නම තුන්පාරක් විතර මිමිනුවා..කවුරුවත් මට එහෙම කතා කරලා නෑ...නිකේශ් තමා මට එහෙම කියපු පලවෙනි කෙනා...හේතුවක් නෑ...ඒත් මන් ඒ නමට කැමති...
එහෙනම් මන් ඔයාට කේශු කියන්නද...
මන් යන්නෙ නැතුව ආයෙම නැවතිලා නිකේශ්ගෙන් ඇහුවා එයාට කේශු කියන්නද කියලා..එයා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔලුව වැනුවෙ හරියට හා කියන්න වගේ..මේ මනුස්සයා පිට්ටු ගිලලද මන්දා...කට ඇරලා හා කියන්න බෑනෙ...මන් ආයෙත් හීනියට වගේ රවාගෙන ගෙට දිව්වා...කෙලින්ම කාමරේට...පොත් ටිකයි ඕන කරන ඇදුමුයි දාගෙන මන් ආයෙ පාරක් චෙක් කරලා බැලුවෙ ජොක්කු දාගෙනද කියලා...නැත්තන් ඉතින් මට කේශුගෙ ඒවා තමයි අදින්න වෙන්නෙ...ඒ උනාට බැරුව ඇති...එයාගෙ කීයද දන්නෑනෙ...එක්ස්ට්‍රා ලාර්ජ්තේ...පෙනුමෙ හැටියට නම් ඒ වගේ වෙන්න ඕන...ඒව්...මාවත් එක්කම රතු වෙනෝ...චික්කේ..මොනාද මන් මේ හිතන්නේ...මන් ඔලුවටත් පාරක් ගහගෙන බෑග් එකට බඩු ටිකත් දාගෙන ශිප් එකත් වහගත්තා....ආයෙත් ශිප් එක ඇරියෙ මට දෙයක් අමතක උන නිසා...අම්මගෙයි අප්පච්චිගෙයි මගුල් පොටෝ එක...ඒක විතරයි ඒ දෙන්නගෙ කියලා පොටෝ එකකට තියෙන්නෙ...ඒ ඇර බිත්ති පුරාවටම තියෙන්නෙ මගේ පොඩි කාලෙ ඉදන් දැන් කාලෙ වෙනකන් පොටෝ...මන් ඒකත් පරිස්සමට ඇදුම් අස්සට දාගෙන ආයෙමත් ශිප් එක වහලා කුස්සියටත් දුවලා ගිහින් වතුර එකකුත් බීලා ආයෙ කේශුලා ඉන්න තැනට දුවන් ගියා...ඔයාලා හිතනවද මන් මෙහෙම දුවලා පැනලා හිටියට සතුටින් කියලා..නෑ...මන් දුකින්....ඒත් පිටට පෙන්නන්නෑ..මට ඕන නෑ කාගෙවත් අනුකම්පාවකට ලක් වෙන්න...මට ඕන නෑ කවුරුවත් මන් දිහා දුකින් බලනවට... කොටින්ම මට ඕන නෑ මේ තිශේන් දුර්වල කරවන්න...