කේශ්ගෙ කතා නිසා නොසෑහෙන්න හිත රිදුනු මන් ගෙදර ඇවිත් කන්නෙම නැතුව නිදාගත්තා...යශේන් කොච්චර කතා කරත් ඕනවට වඩා මුරන්ඩු උන මම යශේන් කියන දේවත් නාහා නොකාම නිදාගත්තා...උදේ පාන්දරත් පිස්සෙක් වගේ කුනු කෙල පෙරන් නැගිටලා හදලා තිබුන කිරි එක විතරක් බීලා යශේනුත් දාලා කැම්පස් එකට ආවා...ඌ එන වෙලාවක එන්නැතැයි...මට ඕන උනේ භූමිව හම්බ වෙන්න...ඒත් මට තේරෙන්නෑ එයා කොහොමද මෙච්චර ඉක්මනට ආවෙ කියලා....භූමි කොහෙ ඉන්නවාද කියලවත් නොදැන මන් ඉස්සරහට ඇවිදන් ගියේ කොයි වෙලාවක හරි හම්බෙයි කියන අදහසින්....මන් ඈත තියාම භූමි කොරිඩෝව දිගේ මේ පැත්තට එනවා දැක්කා.....මාත් අඩිය ඉක්මන් කරලා ඉක්මනටම භූමි ගාවට දිව්වෙ මේ වෙලාවෙ ලමයිනුත් අඩු නිසා එයාටවත් මාව මතකද කියලා අහන්න ඕන උන නිසා....මන් දුවලා ගිහින් භූමි ඉස්සරහා නතර වුනේ මේ මනුස්සයා මගෙ මූන දිහා ඔහෙක් කරන් බලන් ඉන්නකොට...
භූමි....
ඔය ලමයා කවුද....මොනව හරි අහගන්නද ආවෙ...
න්..නෑ නෑ...ඔයාට මාව මතක නැද්ද...මන්...මන් තිශේන්......ඔයාට මාව මතක නැද්ද භූමි...
භූමි....ඔය ලමයා මගෙ අයියව අදුරනවද....
එතකොට භූමි කියන්නෙ...
භූමි කියන්නෙ මගෙ අයියා...
එතකොට....සර්..
අපි ට්වින්ස්ලා...ඔයා මගෙ අයියව දැක්කද...කොහෙදිද කියන්න...ඇත්තටම එයාව දැක්කද දෙයියනේ...කොහෙද...කොහෙද මගෙ අයියා...
මො...මොකක්...එයා..එයා...ඔයාලා දන්නෙ නැද්ද..
මේ මනුස්සයා භූමි නෙවේලු...ඒත් ඒ රූපෙමනෙ...එහෙම කොහොමද වෙන්නෙ...මෙයාගෙ අයියලු භූමි...මොන හරුපයක්ද යකෝව් මේ....එහෙන් මේ මනුස්සයා මගෙ උරහිස් ගැලවෙන්න තරම් හයියෙන් අල්ලගෙන හොලවනවා...
මගෙ අයියා...මගෙ අයියා...එයා එයා අතුරුදහන් වෙලා දැන් අවුරුද්දකට වැඩි...
මොක..ක්...එතකො...ට...ඔයා...සර්...
මන් මේ මාසෙයි ලමයො ලංකාවට ආවෙ...එතකන් මන් දන්නෙ නෑ මගෙ අයියා අතුරුදහන් කියලා...අම්මා තාත්තා දැනන් ඉදියත් මට නොකියලා තියෙන්නෙ මන් වැඩත් පාඩු කරන් ඒවි කියලා හිතාගෙන....කියන්න...මගෙ අයියා කොහෙද...කොහෙදිද එයාව දැක්කෙ...මට කියනවා ලමයො...