නැට්ටිච්චියො නම් හූ තියාගෙන දිව්වා උනත් අපි දෙන්නා තාම එතනමයි...දන්න තරමින් මැර අයියා අහින්සකයො මරන්න්නෙ නෑලු...කාටවත් ගානක් නෑ..මොකද මේ වගේ එකෙක් ගැන බලන්නවත් කවුරුත් යන්නෑ....හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ..අර සෙට් එක උගෙ මිනිය සතෙක් ගානට අරන් යනකොට හැමෝම හිටපු තැන් වල ඉදන්ම ගල් ගැහිලා බලාගෙන උන්නා...එච්චරයි..ආයෙත් සාමාන්‍ය විදියට සේරම කෙරුනා....
යශේනයයි මායි කියන්නෙ හිච්චා කාලෙ ඉදන්ම යාලුවො....ඒ ලේවල් වලට ආවම ඌටත් මන් කරන විශයන් කරන්නම ඕන කිය කිය උගෙ අම්මා තාත්තාගෙ ඩොක්ට හීනෙ කඩලා දාලා මන් කරන ඒවම කරන්න ගත්තා...ලස්සනට හිනාවෙලා කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඉදියට අපිත් කාලයක් ජීවිතේ මනුස්සයෙක් වැටෙන්න ඕන අන්තෙටම පතුලටම වැටිලා ඉදියා...අපි දෙන්නම ඒ දුක වින්දා...මන් නම් කියන්නෙ මනුස්සයෙක් ජීවිතේ අන්තෙටම දවසක වැටෙන්න ඕන...මොකද එහෙව් එකෙක් ජීවිතේ කාගෙන දරාගෙන ඉන්න ඉගෙන ගන්නවා...පුන්චි පුන්චි ප්‍රශ්න වලින් පැනලා නොයා ඒ දේවල් නිසා ජීවිතේ නැතිකරගන්න හදන්නෙ නැතුව කාගෙන ඉන්න පුලුවන් එකෙක් විදියට ඉන්නනම් අනිවාරෙන් මනුස්සයෙක් ජීවිතේ අන්තෙටම වැටෙන්න ඕන....ස්කෝලෙ යන කාලෙ මායි මූයි ඒකෙම අයියලා දෙන්නෙක්ට ආදරේ කරා...උනුත් ආපිට අපිට ආදරේ දුන්නා....හැබැයි...නෑ...අපිට වැරදුනා...අපි පිස්සුවෙන් වගේ ආදරේ කරත් උන්ට.අපිව සෙල්ලම් බඩු වුනා...අතේ පාලුවට විතරයි උන්ට අපිව ඕන උනේ......උන් අපිව එපා කිව්ව දවසෙ මායි මූයි පිස්සුවෙන් වගේ ඇඩුවා.....සාප කෙරුවා...නෑ උන්ට නෙවේ...අපිටම....ඇත්තට ආදරේ කරලා ආපිට ආදරයක් නොලැබෙනවා කියලා දැනගත්තම...දෙයියනේ ඒක අමු දුකක්...පිරිමි හිතට අඩන්න එපා කිව්වට දෙයියනේ අපිටත් තියෙන්නෙ ගෑනුන්ට වගේම හිතක් මිස ගලක් නෙවේ...අපියි කියලා රහත් වෙලා නෑ...මොකද අපිට වේදනාව දැනෙන්නැද්ද කදුලු එන්නෙ නැද්ද....අපි පුලුවන් තරම් අන්තෙටම වැටුනා...නොකා නොබී වරු ගනන් ඇඩුවා...ඒත් අපිටයි කියලා හම්බුනු දෙයක් නෑ....අවසානෙදි දෙයියො අපේ දුක දැක්කා....මන් කියන්නෑ ඒ දේ නිසා අපි සතුටු උනා කියලා...කාටත් වඩා අපියි එදා ඇඩුවෙ....අපිව අතෑරලා සතියක්වත් යන්න නොදී උන් දෙන්නාව ඇක්සිඩන්ට් වෙලා තිබ්බා...හැබැයි අපි තාමත් උන්ට ගෞරව කරන්නෙ කිසිම විදියකින් උන් අපිව නොඉදුල් කරපු එකට....හැබැයි....ආදරේ දෙන උන්ට ආපිට ආදරේ නොදී බලාපොරොත්තු දෙන්න එපා..මොකද දවසක ඒ දේ ගැන දැනගත්තොත්...එයා වෛර නොකරාවි...හැබැයි කවදාවත් ආයෙ ආදරේ විශ්වාස නොකරාවි..ඒත් අපි මෝඩයෝ නෙවේ...එකෙක් රැවැට්ටු පමනින් අනිත් එකාව අවිශ්වාස කරන්න තරම්...මොකද අතේ ඇගිලි පහම එක වගේ නෑනෙ....උන් දුන්න දුකත් එක්ක අපි ඇවිදින මලමිනී උනා...ඒත් උන්ට ඇත්තටම මලමිනි වෙන්න සිද්ද වුනා...අපිව රැවැට්ටුවා කියලා නෑ...අපි ගියා එයාලව බලන්න...එකම පවුලෙ සහෝදරයො දෙන්නා.. එකම දවසෙ මැරිලා යනකොට ඒ අම්මලාට කොච්චර දුකද...රිදෙව්වා කියලා නෑ ඇත්තට ආදරේ කරපු අපිට උන් වෙනුවෙන් කදුලක් නොවට්ටා ඉන්න බැරි උනා.......වෙලාවකට හිතුනා රියලිටියෙන් අයින් වෙලා ෆැන්ටසිය ඇතුලෙ ජීවත් වෙන්න...අවසානෙදි ඒලෙවල් වලට මාස හතරක් තියා අපි හිත් හදාගත්තා...රවට්ටපු මිනිස්සු වෙනුවෙන් ජීවිත කාලෙම අපිව උස්මහත් කරපු දෙමව්පියන්ගෙ හීන කඩන්න තරම් ගුනමකු වෙන්න අපිට බැරිවුනා...රෑ දවල් නොබලා මහන්සි වෙලා මැරීගෙන වැඩ කරා...අවසානෙදි අපි දින්නා...කැම්ප්ස් යන්න සිලෙක්ට් උනා...ඉතින් දැන් අපි සතුටින්...හැමෝම කියන්න වගේ ඉඩෝරය පහු කරලා අනිවාරෙන් වසන්තෙකුත් එනවමයි...එතකන් අපිට තියෙන්නෙ අල්ලන් ඉන්න...ඉතින් අපි ජීවිතේ ලොකු පිම්මක් පැන්නා...තව පිමි කීයක්ද කියන්න අපි දන්නෑ...කොහොම උනත් දැන් අපිට කාගෙන ඉන්න පුලුවන් මානසිකත්වයක් තියෙනවා......