0014

548 78 17
                                    

කේශ්ට කියලා බත් කවාගත්ත මට සෝෆා එක උඩ එහෙමම නින්ද ගියේ කේශ් යන්න කිට්ටු වෙලා මට කතා කරද්දි...

"ශේනු"

"ම්ම්..ම්හ්ක්"

"නැගිටින්න දැන්...ගෙදර යන්න ඕන"

"අනේ ඉන්න දීපන්කො"

"ඉන්න දෙන්නම්...ගෙදර යමන්කො..මෙතන නිදාගන්නද.."

"හරි හරි වදේ"

මන් ඔලුවත් කස කස මූනත් පුම්බගෙන සෝෆාවෙන් නැගිට්ටා...දැන් මගෙ මූන නිකන් හුබස්සෙන් ඇදපු තලගොයෙක් වගේ ඇත්තෙ...

"පොඩි එකෙක් වගේ"

"මන් පොඩී තමා...තමුසෙ වගේ නාකි නෑ මම"

"මාව කොයි පැත්තෙන්ද නාකි වගේ පේන්නෙ...ම්ම්"

"හැම පැත්තෙන්ම...හැම පැත්තෙන්ම තවුසෙ නාකි..ම්ම්හ්ක්....යමන්කො දැන්වත්"

"හරි හරි...හැබැයි ආයෙ මට තමුසෙ ගාගෙන එන්නෙපා...මන් උබගෙ වෙන්න මිනිහනෙ"

"හීනෙන්ද දන්නෑ"

"හීනෙන් හරි වෙන්න මිනිහනෙ...දැන්වත් යමන්...ඩින්ග ඩින්ග කියව කියව පරක්කු කරවනවා"

"හ්ම් හ්ම් යන්කො...ඒත් අපි කොහෙටද යන්නෙ කේශ්"

"පරන ගෙදරට යන්න ඕනද"

"එපා කේශ්...ඒ ගෙදර නිසා මන් නොසෑහෙන්න විදෙව්වා..කලින් මගෙ ගෙදරදි මට අම්මා අප්පච්චිව නැති වෙලා ගියා...එදා ඔයාගෙ ගෙදරදි මට ඔයාව නැති වුනා...මගේ කියලා හිටපු අයියලා ටික නැති වුනා...මන් ගොඩක් කල් බලන් හිටියා...ඔයාලා එයි කියලා...අවසානෙදි කේශ් ඔයා ආවා...ඒත් අයියලා...එයාලා..එයාලා නෑ...අවසානෙදි එයාලා දීපු පොරොන්දුව රැක්කෙ නෑ....මන් දන්නවා...එයාලට ආයෙ ඉක්මනට එන්න බෑ...ඒත් දෙවියොන්ට මන් ගැන අනුකම්පා හිතිලා හෝ ඔයාව මා ගාවට ආපහු එව්වා...දන්නවද කේශ්...ඔයාලා එක පාරටම අතුරුදන් වෙලා ගියපු දවස...ඒ දවස මතක් කරන්නත් මන් හරි බයයි...මන් නොසෑහෙන්න ඇඩුව...අපි ආ ගිය ඒ පාරෙ පිස්සෙක් වගේ ලේ පෙරාගෙන දිව්වා..අවසානෙදි හෙම්බත් වෙලා ඇවිත් අර ලොකු මිනිස් පුලුටක් නැති ගෙදර ටයිල් පොලොව උඩ ගුලි ගැහුනා...ඔයාගෙ සුවද ඕන නිසාම ඔයාගෙ කාමරේ හොයන් ගියා...දන්නවද..මන් කලුවරට හරි බයයි...එදා...ඔයාලා කවුරුවත් නැතුව ලයිට් ගියපු ඒ පාලු ගෙදර මන් තනි වුනා..එන්නැති බව දැන දැනම ඔයාට කතා කරා...ඒ ගෙදර තිබ්බ අපේ මතක නිසාම මට තවත් එහෙ ජීවත් වෙන්න තරම් හිත හදාගන්න බැරි වුනා...ඉතින් මන් එහෙන් ගියා...කමක් නෑ කේශ්...සේරම අතීතෙ විතරයි...දැන් හරි ඔයා මන් ගාවනෙ...ආයෙම තනි කරලා යන්න එපා...මන් එච්චර හයිය මනුස්සයෙක් නෙවෙයි කේශ්...දරන්න පුලුවන් උපරිම තැනට ඇවිත් තියෙන්නෙ...ආයෙ එහෙම දෙයක් උනොත් මන් හිතන්නෑ මට කඩා නොවැටි...දරාගෙන ඉන්න පුලුවන් කියලා...මන් දන්න්නවා ඒ වගේ දවසක් ආවොත් මට වෙන්නෙත් කන්ඨක වගේ පපුව පැලිලා මැරිලා යන්න...ආයෙ එහෙම කරන්න එපා කේ..ශ්...ආයෙ...දාලා...යන්න එපා..."

සින්නක්කර | COMPLETED✅Tempat cerita menjadi hidup. Temukan sekarang