අවුරුදු 5 ට පසු....
කැම්පස් ඉවරයි...දැන් මම ආර්ට් ඇකඩමියක් කරගෙන යනවා...වෙන තැන් වලට වඩා මගේ තැනට කට්ටිය ගොඩක් එනවා....
KnS ART Academy
අපේ ඇකඩමිය....මගෙයි කේශ්ගෙයි ඇකඩමිය...එදා...මට තාම මතකයි...කේශ් මුද්දක් දික් කරන් මගෙන් ජීවිත කාලෙම එයත් එක්ක ඉන්න කැමතිද අහපු දවස....එදා ඉදන් අද වෙනකන් අපි සතුටින් හිටියා....හිනා වුනා...රන්ඩු වුනා...අපේ ජීවිතේ සතුටින් ගෙවුනා...අදට අපි මැරි කරලා අවුරුදු පහයි...අද අපේ සංවත්සරේ...එයාට ඉවසන්න බැරි වුනා....ඒ දවසට මාස හතරකට පස්සෙ අපි සාමාන්‍ය විදියට වෙඩින් එකක් ගත්තා....අපි දෙන්නගෙ දෙපැත්තෙන් කවුරුත් හිටියෙ නැති නිසාම කේශ්ගෙ කට්ටියයි යශෙස්නුයි විතරයි හිටියේ...දැන් මට විසි හතක්...දන්නවද අද තමයි මගේ ජිවිතේ සතුටුම දවස...මගේ කේශ් අප්පච්චි කෙනෙක් වෙන්න යනවා...එයා තාම දන්නෙ නෑ...මට ඕන එයාව පුදුම කරන්න....කේශ් මේ වෙනකොට ගෙදර නෑ...ඔෆිස් ගියා..මන් දන්නවා..මටත් පුදුම වෙන්න වෙනවා අනිවාරෙන්ම...මොකද එයාට මතක නැතුව ඇති කියලා මන් හිතන්නෙ නෑ....මන් චූටි බොක්ස් එකක් අරන් ඒකට ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක දාලා රතු පාට රිබන් එකකින් ඔතලා පරිස්සමින් හන්ගලා තියලා කුස්සියට ගිහින් කෑම හදන්න ගත්තා...රෝයි නම් තාමත් තනිකඩයි...යශේන් වගේම යසිතුත් මගෙ හොදම යාලුවෙක් වෙලා...ඒ මදිවට යසිත්ගෙ සෙනේ...සෙන්හස්...අපෙ මිනිහගෙ හොදම යාලුව...යාලුවො දෙන්නා එකතු උනොත් ආයෙ බීලා චොර වෙලාම තමා නවතින්නෙ...වෙලාවකට රෝයි ගැන දුක හිතෙනවා....ඌ බදින්න කැමති නැත්තෙ අපි හින්දා...අපිව ආරක්ශා කරන්න බෑලු බැන්දම...බැන්දම වගකීම් වැඩීලු...මන් ඒප්‍රන් එකත් දාගෙනම කැරට් අලයක් සුද්ද කරලා කැරට් ටික හීනියට කැපුවා...ලීක්ස් ටිකත් කපලා එහෙමම ෆ්‍රිජ් එක ඇරලා සොසේජස් කරල් ටිකක් අරන් පෙති කැපුවා...අවසානෙදී රයිස් එකක් හදලා මස් හදලා පපඩම් බැද්දා...පරිප්පු නැතුවම බැරි නිසා පරිප්පුත් හදලා මන් ආසම මල් පපඩම් ටිකකුත් බැද්දා....
පපඩම් බැද බැද ඉන්නකොට එක පාරටම කවුරුහරි මාව බදාගත්තත් සුවදින් ඒ කේශ් කියන්න මන් අදුරගත්තා...