episode 1

1.6K 107 8
                                    

අම්මේ කියන දේ තේරුම් ගන්නකෝ....ඇයි අම්මේ...ඔයාට තාත්තගේ තැනට වෙන මිනිහෙක්ව දාන්න ඕන උනේ.....

මම ඇහුවෙ අඩමින්...මම තාත්තට ගොඩක් ආදරය කරා..එයා නැති උනාම මම පිස්සෙක් උනා...මට හිතාගන්න බෑ...තාත්තා මැරිලා මාසයක්වත් යන්න කලින්ම අම්මට ආයේ මැරි කරන්න හිතුනේ කොහොමද කියලා...තාත්තා කියන්නේ දෙවියෙක්...කාටවත් මගේ තාත්තාගේ තැනට එන්න හිතන්නවත් බෑ....

" ඒක හරි කතාවක්නේ පුතා...මම උබගේ මහලොකු අප්පච්චි මැරි කරාට මම ඒ මිනිහට ආදරය කරේ නෑනෙ...ඌනේ මාව බැන්දේ..."

අම්මා කිව්වෙ ගානක් නැතුව.... මට දැනුන කේන්තිය හිතාගන්න පුලුවන්ද
මගේ රත්තරං තාත්තා මගේ අම්මට පණ වගේ ආදරය කරා....ඉල්ලපු හැමදේම අම්මට අරං දුන්නා.. අම්මා වෙනුවෙන් එයා නොකරපු දෙයක් නෑ...ඒ වගේ කැපවීමක් කරපු තාත්තටද කියන්නේ ආදරය කරේ නෑ කියලා.....

අනික අම්මා බදින්න යන්නේ අම්මට වඩා අවුරුදු 15ක් විතර බාල කෙනෙක්ව..මටනම් තේරෙන්නේ නෑ.....

" අද මගේ පැටියා එනවා කිව්වා මාව බලන්න"

අම්මා ඇඹරි ඇඹරි කිව්වා....පැටියා?? තාත්තටවත් ඔහොම අම්මා ආදරයෙන් කතා කරලා නැතුව ඇති....කොහොමත් ඉතින් අම්මා තාත්තට කතා කරේ බල්ලා කියලනේ

මම ජීවිතේට ඔය මිනිහව දැකල තිබ්බේ නෑ..දකින්න ඕනෙත් නෑ...

එතකොටම වාහනයක් එන සද්දයක් ඇහුනා...ඈ??? අර මිනිහද?? දැන්ම ආවද???

" අනා..ඕන්න ආවා මගේ චූටි මනාලයා"

ඉව්.....මළ විකාර.....

මම ජනෙලෙන් බැලුවා...ඔහ්...සැපපහසු කළු කාර් එකක්..ශුවර් එකටම මිනිහා සල්ලි ගහක් වෙන්න ඕනේ...

දැන්නේ තේරුනේ 😌😌 අම්මා මිනිහට කැමති වෙලා තියෙන්නේ ඌ පොහොසත් හිංදා...අම්මාත් නරකම නෑ...

කාර් එකෙන් බැස්ස මිනිහා මට එච්චර නෝට් උනේ නෑ....

" අනේ මගේ මැනික " අම්මා හූ තියෙන හඩ ඇහුනා...

එයාලා කතා වෙනවා...මොනා කතා වෙනවද දන්නේ නෑ...මට.මොකෝ...මම කාමරේ හිටියේ පොතක් එහෙම බලාගෙන...ඒ මිනිහා අම්මාට කැමති නොවුනොත් ඇති...

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now