episode 6

974 93 4
                                    

"යීබෝ"

"......"

එයා මාත් එක්ක තරහ වෙලාද??

අද උදේ මම නැගිටෙද්දි ඇදේ එයා හිටියේ නෑ.....

දැන් මම ඉස්කෝලේ යන්න හදන්නේ...හිටියේ කාර් එකෙ..යීබෝ කිසිම කතාවක් නැතුව වාහනේ පැදෙව්වා....

මට දැනුනේ අපහසුවක්

මම එයාගේ ඇදේ එයාට තුරුල් වෙලා නිදාගත්තු හිංදද මෙහෙම එයා මාව ගණන් නොගෙන ඉන්නේ???

මම කරේ වැරැද්දක්ද???

මට එයාත් එක්ක කතා කරන්න ඕනේ

"යීබෝ"

"........"

"මට සමාවෙන්න "

"........."

"ඊයේ වැස්සා...මට අකුණු ගහන සද්දෙට ගොඩක් බයයි...ඒ වෙලාවට මම කරන්නේ තාත්තාව හොයාගෙන එයාව තුරුල් කරගන්න එක...ඒත් දැන් මට එහෙම කරන්න කෙනෙක් නැති හිංදයි...ඔයාව තුරුල් කරං නිදාගත්තෙ...."

මම කියාගෙන යද්දි එයා නිහඩව ඒක අහගෙන හිටියා.....

"යීබෝ"

"........."

"දෙයක් අහන්නද හැබැයි ඔයා වැරදියට හිතන්නේ නැත්නම් "

"හ්ම්"

"කව්ද වුශියෑන් කියන්නේ....ඔහ්..ආව්..what the fuck"

මම කව්ද වුශියෑන් කියන්නේ කියලා ඇහැව්වා විතරයි මූ බ්‍රේක් එකක් ගැහුවා...හොද වෙලාවට බෙල්ට් එක් දාගෙන ඉදියේ....මූට එකපාරටම මොනා උනාට මංදා...මරන්නද හදන්නෙ මාව...

එයා හති අරිමින් මගෙ දිහා කට ඇරගෙන බලං ඉන්නවා...

"මො....ක...ක්...."

එයා ගොත ගහනවා..

"ඇහ්???"

"ක....ව්....රු කියලද....කි...ව්වෙ"

"වුශියෑන්......"

මම ආයේ ඒ නම කියද්දි එයා කලෙ එයාගෙම නළල හය්යෙන් මිරිකපු එක.

"යීබෝ...මොකද උනේ?? Are you ok?"

මම අහද්දි එයා මුකුත් මට කිව්වෙ නෑ....

"නෑ....නෑ එහෙම වෙන්න බෑ...කො..කොහොමද එහෙම....ඒක වෙන්න බැරි දෙයක්....ඇයි එයාටම...එයා කොල්ලෙක්....මේක....වැරදීමක්........නෑ...නෑ....."

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now