episode 8

933 91 9
                                    

"හිතුවට වඩා ප්‍රැක්ටිස් කරන එක අමාරුයි අප්පා...අත පය රිදෙනවා "

ශාන් තමන්ටම කියාගත්තේ ගතට දැනෙන වේදනාව නිසා....

"ඒයි ශාන්"

ඒ ඇවිත් හිටියේ වෑන්ග්...ඔහුත් ශාන් මෙන් ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරමින් ඉදියේ...

"මොකෝ බන්"

"උබට අමාරුන නම් පලයං මම කෝච්ට කියන්නම්..."

"ඔව් බන්...අනේ මංදා එකපාරටම මගේ අත රිදෙන්න ගත්ත...ඇවිලිලාද දන්නේ නෑ"

"ගිහිල්ලා බාම් එහෙම ගා ගනින්...තව ප්‍රැක්ටිස් කරොත් උබට අතක් නැති වෙයි "

වෑන්ග් කිව්වේ ඇත්තක් කියලා දැනුන ශාන් එතනින් ගියා...ඔහුගේ මුලු ඇගටම දැනුනේ දැඩි වේදනාවක්....

ඔහුට බස් එකේ පවා යන්න අපහසු උනා...

ඔහු කෙලින්ම ගත්තේ අම්මට

"හෙලෝ අම්මේ"

"ඇයි යකෝ"

සුපුරුදු පරිදි අම්මා බැන්නා ශාන්ට...ශාන්ට දැනුනේ දැඩි දුකක්.....ඇයි අම්මට මට මෙච්චර හේට් කරන්නේ??

ශාන්ට ඒක හිතාගන්න බැරි උනා....

"අම්...මේ ප්‍රැක්ටිස් ඉ...වරයි"

"ඉතින් මට කියන්නේ"

"අම්මට පුලුවන්ද...මාව"

බීප් බීප් බීප් බීප්

අම්මා කෝල් එක කට් කරා....ශාන් දුකෙන් සුසුමක් පිට කරා

දැන් කොහොමද ගෙදර යන්නේ......

ඔහුට යීබෝට ගන්න හිතුනත් තමන් ගාව නම්බර් එක නෑ නේද කියලා පස්සේ මතක් උනා.

ඔහ්...කරුමෙට වහින්නත් ගත්තා...අවාසනාවකට කුඩේ ගෙන්න ශාන්ට අමතක උනා...

ශාන් ඉක්මනින් ලග තිබුන බස් හෝල්ට් එකකට දිව්වා...

දැන් ඉතින් වැස්ස පායනකම් ඉන්නත් එපැයි....

එතකොටම එයා දැක්කේ හුරුපුරුදු කාර් එකක්....

යීබෝ

හිතුවා වගේම ඇවිල්ලා

ශාන්ට දැනුනේ සතුටක්

ශාන් දුවලා ගිහින් වාහනේට නැග ගත්තේ වැස්ස ගැනද හිතන්නේ නැතුව....

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now