sudden end 😬

1.2K 67 5
                                    

"හුවෑ හුවෑ හුවෑ"

බිළිඳුන් දෙදෙනෙකුගේ ඇඩියාව මුළු කාමරය පුරාම පැතිරිලා ගියා.....යීබෝ හිටියේ සතුටු කදුලු වගුරවමින්....අන්තිමට ශාන් දරුවන් දෙදෙනා බිහි කරා...කොල්ලොම දෙන්නෙක්...

ශාන් ඒ දෙන්නව පපුවට තුරුල් කරගෙන ලේ කිරි කරලා ඔවුන්ට පෙව්වේ දැඩි සෙනෙහසින් .....

දෙන්නටම තිබ්බේ යීබෝගේ නපුරු පෙනුම...හැබැයි ඇස් දෙක හිනාව ශාන්ට සමානයි...දෙදෙනා සමාන වුනත් යීබෝ වැඩිමල් දරුවට යුවාන් ලෙසත් බාල දරුවට ජින්ග්‍ යනුවෙන් නම් තැබුවා....

" යීබෝ " මද වෙලාවකට පස්සේ ශාන් කතා කරම යීබෝ තම බිරිදගේ දෑත් තරයේ අල්ල ගත්තා

" තාම වෑන්ග් ජියෑන්ග් ආවේ නෑ මට බයයි" යීබෝ මුකුත් නොකියා හිටියා...ඔව් මීට මාස ගානාටකට කලින් ඔවුන් වෙනුවෙන් පාතාල ලෝකයට ගියපු වෑන්ග් ජියෑන්ග් තවමත් ආපු නැති එක ශාන්ගේ හිතට බයක් ඇති කරා.....

" බය නැතුව ඉන්න වස්තුව එයාලා ඉක්මනින් ඒවි...දැන් ඔබ විවේක ගන්න" යීබෝ ආදරණීය විදිහට ශාන්ගේ ඔලුව ඉම්බා..ශාන් තම දරුවන් තුරුල් කරගෙන නිදි දෙව්දුව වැලදගත්තා

ශාන් දිහා බලං හිටපු යීබෝ රාජකීය කුටියෙන් එළියට ආවා

" රයන්"

" කියන්න රජතුමනි"

" ඔවුන් දෙදෙනා ගැන තොරතුරක් ලැබුනද?"

" ඔව් රජතුමනි....ලැබුනු තොරතුරු වලට අනුව ඔවුන් දෙදෙනා යැන්ලිව කෙසේ හෝ විනාශ කරලා..වෑන්ග්ට ටිකක් අමාරුයි ඔවුන් දේශ සීමාව පනින්න හදන්නේ...ඉක්මනින් මේ ලෝකයට ඒවි" යීබෝ සතුටට පත් වුනා...ඒ වෑන්ග් ජියෑන්ග් තමන් වෙනුවෙන් මෙතරම් ලොකු තීරණයක් ගත් එකට...ඔවුන් පරිස්සමෙන් එන එක හොදයි....

Few hours later...

පාතාල ලෝකයේ දේශ සීමාව පහු කරමින් දෙදෙනෙක් පැමිනියා..එක්කෙනෙක් සිටියේ විඩාවෙන් නමුත් සතුටින්..යීබෝ ඔවුන් දෙදෙනාව සතුටින් පිලිගත්තා

" ස්තූතී හැමදේකටම " යීබෝ ඔවුන් වැලදගනිමින් කිව්වා...මොකද යැන්ලි කියන්නේ කව්ද කියලා යීබෝ දන්නවා...හදිසියේවත් ඔවුන් දෙදෙනා එහෙට ගියේ නැති උනොත් යැන්ලි හදලා තියෙන්නේ ශාන්ට ශාපයක් කරන්න..එතකොට අනිවාර්යයෙන් ඔවුන්ගේ ආදර කතාවට ලොකු බාධාවක් එන්න බැරි නෑ.....

You've reached the end of published parts.

⏰ Last updated: May 07, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now