ශාන් පසුවදා නැගිටටා....බලාපොරොත්තු නොවුණු විදිහට ඔහුගේ ඇගට දැනුනේ දැඩි සනීපයක්
ඔහු හිතුවේ ඊයේ කරපු ප්‍රැක්ටිස් නිසා මුළු ඇගම වේදනාවෙන් පිරී යයි කියලත්...
කවදාවත් නැතුව ඔහුට සහනයක් දැනුනා....
ඔහු නැගිටලා වොශ් එකක් දාගෙන පල්ලෙහාට ආවා උදේ කෑම කන්න...
ඔහුව මුලින්ම දැක්කා අම්මා...ඇය ශාන්ට සුපුරුදු පරිදි රැව්වා...
"කෝ අම්මේ යීබෝ??"
" මං දන්නේ කොහොමද යකෝ"
ශාන් දුකින් සුසුමක් පිට කරා
" මේ අහනවා ශාන්...යීබෝ කියන්නේ මගේ මිනිහා නැතුව උබේ නෙමෙයි.එයා ගාවට ලං වෙන්න හිතන්නවත් එපා...තේරුනාද තොට"
ශාන් ඔලුව වැනුවා
එතකොටම එතනට ආවේ යීබෝ...
ඔහු ශාන් දිහා නොබලා ඔහුගේ මවව පිටුපසින් බදාගත්තා
ඇය සතුටින් ශාන් දිහා බලලා කටකොනකින් හිනාවක් දාගත්තා
ශාන්ට දුකක් දැනුනා....ශාන්ගේ ගේ හිතේ යීබෝ ගැන තිබුනේ අමුතු හැගීමක්
"පැටියෝ.... අද අපි ඩේට් එකකට යං.??"
"ඩේට්??"
යීබෝ ඇස් හීනි කරලා මේරි ( ශාන්ගේ මවගේ නම) දිහා බැලුවා
"ඔව් පැටියෝ...බැන්දට පස්සේ අපි නිදහසේ හරියට කතා කරගන්නත් බැරි උනානේ"
මේරි මේ හැමදේම කිව්වේ ශාන් දිහා බලං
ශාන් හිටියේ බිම බලාගෙන
"සොරි මේරි"
යීබෝ කිව්වේ දෙන්නම පුදුමයට පත් කරමින්...
"මට අද බැරි වෙයි....මොකද මට වැඩක් තියෙනවා කරන්න"
යීබෝ මේරි දිහා නොබලා කිව්වා
"පස්සේ දවසක යන්න බලමු"
යීබෝ කිව්වේ ගණන් නොගෙන...
"ශාන්"
මද නිහඩතාවයකට පසු යීබෝ ශාන්ව ඇමතුවේ උදේ කෑම කාලා ඉවර උන ගමන්
"හ්ම්"
" යං"
"අහ්?? කොහෙද??"
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶