මට ඇත්තටම අම්මාගේ ආදරය ලැබුනේ නෑ...අම්මට මාව invisible උනා....තාත්තා විතරයි මට ආදරය කලේ...දැන් එයාත් නෑ..
යාලුවෝ ඇරෙන්න මම කව්රුත් විශ්වාස කලෙ නෑ...මොකද මම ගොඩක් රැවටීම් වලට අහු වෙලා හිටපු නිසා...
"අම්මා මං ආවා"
මට ඕන උනේ අම්මගේ අවධානය විතරයි....ඒත්...
"ආවනම් පලයං"
මාව ගණන් නොගෙන කියද්දි මට රිදුනා...මගේ හදවත කැඩුනා...මම කදුලු පිරි දෑසින් මගේ කාමරේට ගිහින් දොර ලොක් කරගත්තා.
මම අඩ අඩම වොශ් රූම් එකට ගියේ නාන්න....මට තේරෙන්නේ නෑ...ඇයි කාටවත් මට ඕන උන ආදරය දෙන්න බැරි ඇයි මම ආදරය කරන හැමෝම මගේ ඇස් ඉස්සරහම නැති වෙන්නේ....
ටොක් ටොක් ටොක්
ඇදුම් මාරු කරා විතරයි
දොරට තට්ටු කරා...කව්ද ??? අම්මද??
මම දොර අරිද්දි දැක්කේ බලාපොරොත්තු නොවුණු කෙනෙක්
කුඩු තාත්තා ?????
මම පුදුමයෙන් එයා දිහා බැලුවා...as always නෝ කතා නෝ සිනා 🥲
" ඔහ්...යීබෝ"
"........"
"ඔයාට මොනාහරි ඕනෙද?"
"......."
මම අහද්දි එයා මගේ මූණ දිහා එක එල්ලෙම බලං ඉදියා
" යීබෝ?"
" හ්ම්"
"ඇයි ඔයා.....??"
"කෑවද?"
එයා අහද්දි මම පුදුම උනා..මොකද තාත්තා ඇරෙන්න කව්රුත් මෙහෙම මගෙන් අහලා තිබ්බේ නෑ..අඩුම තරමේ යාලුවෙක්වත්.....
"න්...නෑ"
මම බිම බලාගෙන උත්තර දුන්න....එයා මුකුත් නොකියා මං දිහා බලං ඉදියා....
" මට බඩගිනි නෑ යීබෝ"
මම කියද්දි එයා කිසිම හැගීමක් නැතුව මං දිහා බලං ඉදලා ලොකු සුසුමක් පිට කරා
" ඇයි ඔයා මෙච්චර මුරණ්ඩු ම්ම්ම්..?"
එහ්????😳 එයා ගොරෝසු හඩින් කියද්දි මම ගැස්සිලා එයා දිහා බැලුවා...එයාගේ දෑස් වේදනාවෙන් බර වෙලා තිබ්බා. මම මුරණ්ඩු ඇයි කියලද ඇහුවේ??
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Storie d'amoreබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶