යැන්ලිගේ හිතේ ශාන්ව යීබෝගේන් අයින් කරන්න හොද සැලැස්මක් තිබුනා
කාලය ඉක්මනින් ගත උනා...යීබෝ ශාන් හා විවාහ වෙලා අදට මාස 2ක් වෙනවා..ඒ කාලේ තුල විවිධ දේ සිද්ධ උනා...රයන් ශාන් එක්ක හොදට යාලු උනා...යීබෝ ගැන තිබ්බ ඒ ආදරය තවත් වැඩි උනා....
මේ අතර යැන්ලි....එයා හරි අමුතු විදිහට හැසිරෙන්න ගත්තා...ඒක වැඩියෙන්ම තේරුනේ රයන්ටයි...ඔහු කොහොමත් ඇයට කැමති උනේ නෑ
" ඉතින් රැජිනියනි...මට කියන්නකෝ ඔබට මනුශ්ය ලෝකායේ මං වගේ මිතුරන් සිටියේ නැද්ද කියා?"
මිතුරන් කියද්දි ශාන්ගේ ඇස් කදුලෙන් තෙත් උනා...ඔහුට මතක් උනේ වෑන්ග් සහ ජියෑන්ග්...එයා දැන් මොනා කරනවා ඇතිද??
" වෑන්ග් ජියෑන්ග් කියන්නේ කව්ද?"
රයන් අහද්දි ශාන් පුදුමයෙන් ඇස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවා..ශාන්ට අමතක උනා රයන්ට හිත් කියවන්න පුලුවන් කියලා
" මගේ හොදම යාලුවෝ දෙන්නා...මට එයාලව මතක් උනා..."
ශාන් දුක්මුසු සුසුමක් පිට කරමින් කිව්වා...
එතකොට එතනට ආවේ කිම්..රයන් ඔහුව දැකලා..සතුටින් ඉපිලුනා
" බේ....එන්නකෝ ඔයා එනකම් හිටියේ" රයන් තොලත් උල් කරගෙන කිව්වේ හුරතල් විදිහට
කිම් හිනාවෙමින් එයාලා ලගින් ඉදගත්තා
" ගාර්ඩ්න් එක ලස්සනයි නේද රැජිනියනී...මේක අයිති උනේ මගේ අම්මට"
කිම් කියද්දි ශාන් ඔහු දිහා බැලුව...කිම්ගේ අම්මා කියන්නේ යීබොගෙත් අම්මානේ...ශාන් හිතුවා
" නෑ රැජිනියනි..කිම් කියන්නේ රජතුමාගේ ඇත්තම මල්ලි නෙමෙයි...එයාලගේ තාත්තාලා එක උනාට අම්මා එහෙම දෙන්නෙක්"
ඕඕඕඕඕඕ....
" යීබෝගේ අම්මා මැරුනේ එයා පොඩි කාලෙදි...යීබෝ ඒ දවසින් පස්සේ ගොඩක් වෙනස් උනා...වැඩිය කතා කරන්න ගියෙත් නෑ...මොකද යීබෝ අම්මට ගොඩක් ආදරය කරා"
ශාන්ට ඒක ඇහුනම දැනුනේ දැඩි දුකක්...මොකද එයාට එහෙම අම්මා කෙනෙක් හිටියේ නෑනේ...ශාන්ට හැමවෙලේම ඕන උනේ අම්මගේ ආදරය විතරයි...ඒත් ඒක එයාට කවදාවත් ලැබුනේ නෑ කියලා දන්නේ එයාම විතරයි
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶